පාර්ලිමේන්තු සේවකයින්ගේ සේවය ඇගයීමේ උළෙල |
දිනය : | 2017-07-26 |
දශක දෙකහමාරකට වඩා වැඩි කාලයක් පාර්ලිමේන්තුව වෙනුවෙන් ප්‍රශංසනීය සේවයක් ඉටු කළ පාර්ලිමේන්තුවේ මහලේකම්ගේ කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ඇගයීමේ උළෙලක් 2017 ජූලි මස 24 වැනිදා බත්තරමුල්ල “වෝටර්ස් එජ්” හි ප්‍රධාන උත්සව ශාලාවේ දී සාර්ථක ලෙස පවත්වන ලදී. මෙම උත්සවය මේ ආකාරයේ තුන්වැනි උත්සවය වූ අතර, පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කරන ලදී.
විශ්‍රාමික කාර්ය මණ්ඩල සාමාජිකයින්, වසර 35ක සේවා කාලයක් සහ වසර 25ක සේවා කාලයක් සම්පූර්ණ කරන ලද කාර්ය මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තුව නියෝජනය කරමින් ක්‍රීඩාවලින් ජාතික තලයේ කැපී පෙනෙන දස්කම් දැක්වූ කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් මෙහිදී ඇගයුමට ලක් කෙරුණි.
පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතා උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වූ අතර, නියෝජ්‍ය කාරක සභාපති ගරු සෙල්වම් අඩෛක්කලනාදන් මහතා සහ පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා සම්භාවනීය ආරාධිතයින් වශයෙන් එම අවස්ථාවට සහභාගී වූහ. පාර්ලිමේන්තුවේ හිටපු මහලේකම්වරයෙකු වූ නිහාල් සෙනෙවිරත්න මහතා ද විශේෂ ආරාධිතයෙක් වශයෙන් මෙම අවස්ථාවට සහභාගී විය.
පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා, කාර්ය මණ්ඩල ප්‍රධානී හා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීල් ඉද්දවල මහතා, පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් කුෂානි රෝහණධීර මහත්මිය සහ පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි කේ. ජයතිලක මහතා ද උත්සවයට සහභාගී වූහ.
ඇගයීමට ලක් වූ හිටපු හා වත්මන් සේවකයින් වෙනුවෙන් හිටපු ප්‍රධාන පර්යේෂණ නිලධාරී ඩබ්ලිව්.ඒ.ජේ. ගුණපාල මහතා, ජ්‍යෙෂ්ඨ එක්ස්-රේ මැෂින් පරීක්ෂක පී. ලක්ෂ්මන් කුමාර මහතා, නියෝජ්‍ය ආහාරපාන කළමණාකරු ඒ.කේ.ඒ.එල්. අමරසිංහ මහතා, සහකාර අධ්යක්ෂ (පරිපාලන) ජී. තච්චනරාණි මෙනෙවිය සහ නියෝජ්‍ය හැන්සාඩ් සංස්කාරක (ඉංග්‍රීසි) සී.එන්. ලොකුකොඩිකාර ද සිල්වා මහත්මිය, සිය අදහස් සහ පාර්ලිමේන්තු සේවා දිවියේ අත්දැකීම් බෙදාහදා ගත්හ. 1981 - 1994 කාලය තුළ පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිහාල් සෙනෙවිරත්න මහතා, තමන්ගේ වටිනා අත්දැකීම් පිළිබඳව ආකර්ෂණීය කතාවක් සිදුකළේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම




















