දහතුන්වන සංශෝධනය – සහතිකය සටහන් කළේ – 1987/11/14
දෙමළ භාෂාව රාජ්‍ය භාෂාවක් කිරීමට සහ ඉංග්‍රීසි භාෂාව සන්ධාන භාෂාවක් කිරීම සඳහා 18 වන ව්‍යවස්ථාව සංශෝධනය.
අභියාචන අධිකරණ බලය පිළිබඳව වූ 138 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
සෑම පළාතක් සඳහාම පළාත් සභාවක් පිහිටුවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ව්‍යවස්ථා 154(අ) සිට 154(ට) ද ඇතුළුව XVII A ඡේදය ඇතුළත් කිරීම.
මහජන ආරක්ෂක ආඥාපනත යටතේ හදිසි අවස්ථා නියෝග සෑදීම සම්බන්ධයෙන් වූ 155 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
පළාත් සභා මගින් සාදනු ලබන ප්‍රඥප්තිද ලිඛිත නීති යන නිර්වචනය යටතට ඇතුළත් කිරීම සඳහා 170 වන ව්‍යවස්ථාව සංශෝධනය කිරීම.
පළාත් නවය නම් කිරීම සඳහා අටවන උපලේඛනය ද, පළාත් සභා ලැයිස්තුව, සංවෘත ලැයිස්තුව සහ සමගාමී ලැයිස්තුව විස්තර කිරීම සඳහා නවවන උපලේඛනය ද ඇතුළත් කිරීම.
Last Updated on 11-12-2012
Quick Links
-

Parliament Calendar -

Acts & Bills -

Committees -

Constitution -

Parliament Live -

Committee Live - Recorded -

Souvenir Shop -

Image Gallery -

News -

Downloads -

Right to Information -

Right to Information - Speaker Office -

Budget 2026 -

New Website (BETA version) -

Appointment to the post of Member of the National Police Commission







