ජාත්‍යන්තර සහ කලාපීය පාර්ලිමේන්තු සංගම්
පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය
පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය 1911 දී අධිරාජ්‍ය පාර්ලිමේන්තු සංගමය ලෙස ඇරැඹිණි. ආරම්භක ශාඛාවන් වූයේ ඕස්‌ට්‍රේලියාව, කැනඩාව, නිව්ෆවුන්ඩ්ලන්තය, නවසීලන්තය, දකුණු අප්‍රිකාව සහ එක්සත් රාජධානියයි. පොදුරාජ්‍ය මණ්ඩලයත් සමඟ වර්ධනය වෙමින් දැන් භාවිතා කරන නම පො.ම.පා. සංගමය විසින් භාවිතය අරඹන ලද්‌දේ 1948 දීය
පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය අනුමත කරන පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවල ව්‍යවස්ථාදායකයන්‌ගෙන් සැදුම්ලත් ශාඛාවලින් සංගමය සමන්විත වේ. සංගමයේ වත්මන් ජාතික, රාජ්‍ය, කලාපීය සහ ප්‍රාදේශීය පාර්ලිමේන්තු සාමාජිකත්වය 164 ක්ව පවතී.
පොදුරාජ්‍ය මණ්ඩලයීය රටවලට විශේෂ සැලකිල්ලක් දක්වමින් පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව දැනුම සහ අවබෝධය වර්ධනය කිරීම සහ පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු අතර සහයෝගීතාව සහ තොරතුරු හුවමාරු කර ගැනීම පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයේ මූලික අරමුණයි.
![]() |
සමුළු, සම්මන්ත්‍රණ, වැඩමුළු සහ පුහුණු සැසි |
![]() |
ප්‍රකාශන |
![]() |
තොරතුරු ලබාදීම |
![]() |
පාර්ලිමේන්තු කටයුතු අධ්‍යයනය කිරීමේ චාරිකා |
යනාදී ක්‍රියාකාරකම් මගින් පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය සිය අරමුණ සපුරා ගනී.
පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සමුළු
මේ වනවිට පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සමුළු 53 ක් පවත්වා ඇති අතර ඉන් 1974 සහ 1995 සමුළු පැවතියේ ශ්‍රී ලංකාවේදී ය. පොදුරාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමයට (ශ්‍රී ලංකා ශාඛාව) බැඳීමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සුදුසුකම් ලබති.
අන්තර් පාර්ලිමේන්තු සංගමය
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මෙන්ම සාමයට කැපවූ පුද්ගලයන්ද වූ විලියම් රැන්ඩල් ක්‍රිමර් (එක්සත් රාජධානිය) සහ ෆ්‍රෙඩ්රික් පැසේ (ප්‍රංශය) විසින් 1889 දී අන්තර් පාර්ලිමේන්තු සංගමය අරඔන ලදී. ජාතික පාර්ලිමේන්තුවල ලෝක සංවිධානය එය වේ. රටවල් 140 ක ජාතික පාර්ලිමේන්තුවලින් වත්මන් සංගමය සමන්විත වේ.
දේශපාලනමය සංවාද තුළින් සාමය සහ ආරක්ෂාව පෝෂණය කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම සහ මානව හිමිකම් ගරු කිරීම සහ අදාළ ඵලදායී ව්‍යවස්ථාදායක ආයතන වැඩිදියුණු කිරීම සඳහා දායකත්වය සැපයීම යනාදිය අන්තර් පාර්ලිමේන්තු සංගමයේ මූලික අභිමතාර්ථයන්ය.
අන්තර් පාර්ලිමේන්තු සමුළු
ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳව අන්තර් පාර්ලිමේන්තු සංගමය සිය මත ප්‍රකාශ කිරීමට සහ නිර්‌දේශ ඉදිරිපත් කිරීමට මෙම සමුළු උපයෝගී කරගනී. 2008 දක්වා අන්තර් පාර්ලිමේන්තු සමුළු 118 ක් පවත්වා තිබේ. ශ්‍රී ලංකාවට සමුළුවක් පැවැත්වීම සංවිධාන කිරීමට මෙතෙක් අවස්ථාව ලැබී නොමැත. අන්තර් පාර්ලිමේන්තු සංගමයට (ශ්‍රී ලංකා කණ්ඩායම) බැඳීම සඳහා සාමාජිකත්වය ඉල්ලුම් කිරීමට සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සුදුසුකම් ලබති.
‘සාර්ක්’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගමය
‘සාර්ක්’ රටවල කථානායකවරුන්‌ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගමයක් පිහිටුවිය යුතු යැයි මුලින්ම යෝජනා වූයේ 1988 අප්‍රේල් මාසයේදී ගෝතමාලාවේ පැවැති අන්තර් පාර්ලිමේන්තු සංගමයේ සමුළුවේදීය. 1994 ජනවාරි 28-29 යන දිනවල ධකා නුවර පැවැති පළමු රැස්වීමේදී ‘සාර්ක්’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගමය බිහිවිය. සංගමයේ සාමාජික රටවල් වන්‌නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්තානය, මාලදිවයින, බංගලිදේශය, නේපාලය සහ භූතානයයි.
පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටි පිළිබඳව අදහස් යෝජනා සහ තොරතුරු හුවමාරු කරගැනීමට මණ්ඩපයක් සකසා දෙමින් ‘සාර්ක්’ රටවල පාර්ලිමේන්තු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සම්බන්ධතා සහ අත්දැකීම් හුවමාරුකර ගැනීමට ඉඩකඩ ලබාදීම මෙම සංවිධානයේ මූලික ඉලක්කයයි. ‘සාර්ක්’ රටවල ජනතාව අතර අන්‍යොන්‍ය අවබෝධය, විශ්වාසය සහ මිත්‍රත්වය වර්ධනය කිරීම සහ ජාත්‍යන්තර සමුළු වලදී කලාපයේ පොදු වැදගත්කමක් ඇති අංශවලදී රටවල් අතර බැඳීම් ශක්තිමත් කිරීම මෙහි ද්විතියික පරමාර්ථයයි. මීට අමතරව, දකුණු ආසියා රටවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර සහ මහජනතාව අතර සංගමයේ ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරකම් පිළිබඳ දැනුමක් ලබාදී ඔවුන්ගේ සහයෝගය ‘සාර්ක්’ කටයුතුවලට යොමුකර ගැනීමත් සංගමයේ කාර්යයකි.
සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හට ‘සාර්ක්’ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්‌ගේ සංගමයේ (ශ්‍රී ලංකා ශාඛාව) සාමාජිකත්වය සඳහා අයැදුම්කිරීමට හැකිය.
අවශ්‍ය වැඩි විස්තර සහ සාමාජික අයැදුම්පත් සඳහා විමසන්න:
එස්. ඒ. උපාලි කුමාරසිංහ
ප්‍රධාන පාර්ලිමේන්තු සන්ධාන නිලධාරී
විදේශ සබඳතා සහ සන්ධාන කාර්යාලය
හතරවැනි මහල, පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ
දුරකථනය: +94 11 2777277 / +94 11 2777288
ෆැක්ස්: +94 11 2777275
Quick Links
-

Parliament Calendar -

Acts & Bills -

Committees -

Constitution -

Parliament Live -

Committee Live - Recorded -

Souvenir Shop -

Image Gallery -

News -

Downloads -

Right to Information -

Right to Information - Speaker Office -

Budget 2026 -

New Website (BETA version) -

Appointment to the post of Member of the National Police Commission








