PARLIAMENT

OF SRI LANKA

SinhalaSriLankaTamil-SriLanka

පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් තේරී පත්වීම සඳහා සුදුසුකම්

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා‌වේ 90 ව්‍යවස්ථාවට අනුව ඡන්ද දායක‌යකු වීමට සුදුසුකම් ලබන ඕනෑම පුද්ගල‌යකු පාර්ලි‌මේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී පත්වීමට සුදුසු වන අතර එ‌සේ සුදුසුකම් ‌නොලබන්‌නේ 91 ව්‍යවස්ථා‌වේ පහත සඳහන් කාරණා යට‌තේ නුසුදුස්‌සකු වුව‌හොත් පමණකි.

  1. එම පුද්ගලයා ජනරජ‌යේ ජනාධිපති නම් ‌හෝ අධිකරණ‌යේ නිලධාරි‌යකු නම් ‌හෝ රජ‌යේ නිලධාරි‌යකු ‌හෝ රාජ්‍ය සංස්ථාවක නිලධාරි‌යකු නම් (‌මෙහිදී සලකා බැලිය යුතු කාරණයක් වන්‌නේ රජ‌යේ නිලධාරි‌යකු ‌හෝ රාජ්‍ය සංස්ථාවක නිලධාරියකු නුසුදුස්‌සකු වීම සැල‌කෙනු‌යේ එම පුද්ගලයා දැනට දරන තනතුර සඳහා ‌හෝ එම තනතුර 1970.11.18 ට පසු ස්ථාපිත කරන ලද්දක් නම් ‌එම තනතුර ස්ථාපිත කළ මුල් දින‌යේ වැටුප් පරිමාණය අනුවය. ‌මෙම පදනම යට‌තේ මූලික වැටුප වසරකට රු. 7200 ඉක්මවන්‌නේ නම් පමණක් නුසුදුස්‌සකු වීම අදාළ ‌වේ.)
  2. එම පුද්ගලයා පොලිසි‌යේ, හමුදාවේ, නාවික හමුදා‌වේ හෝ ගුවන් හමුදා‌වේ සාමාජිකයකු නම්.
  3. එම පුද්ගලයා පවතින නීතිය යට‌තේ බං‌කො‌ළොත්භාව‌යෙන් ‌නොමිදුණ පුද්ගල‌යකු ‌ලෙස ප්‍රකාශයට පත්කර ඇත්නම්.
  4. එම පුද්ගලයා පාර්ලි‌මේන්තු‌ව මගින් ප්‍රකාශයට පත් කර ඇති ආකාර‌යේ, රජ‌ය ‌හෝ රාජ්‍ය සංස්ථාවක් ‌වෙනු‌වෙන් ඇතිකරගත් කොන්ත්‍රාත්කරුවන් පිළිබඳ කිසියම් උනන්දුවක් දක්වන්‌නකු නම් (‌මෙම නුසුදුසුකමට ආදළ වන ‌කොන්ත්‍රාත් වර්ග ‌මොනවාද යන්න පාර්ලි‌මේන්තුව වි‌ශේෂ‌යෙන් සඳහන් කර ‌නොමැති බව සැළකිය යුතුය. කළින් පැවැති ව්‍යවස්ථා‌වේ නුසුදුසුවීමට අදාළ කරණු වලංගු විය යුතු බව ‌ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇත.)
  5. යම් පුද්ගලයෙකු ඡන්ද ‌කොට්ඨාස එකකට වැඩි සංඛ්‍යාවක් සඳහා මන්ත්‍රීධූරාපේක්ෂක‌යකු ‌ලෙස නාම‌යෝජනා ඉදිරිපත් කොට ඇත්නම් ‌හෝ එකම දිස්ත්‍රික්කයක් සඳහා ‌දේශපාලන පක්ෂ ‌හෝ කණ්ඩායම් කිහිපයක අපේක්ෂක‌යකු ‌ලෙස ‌පෙනී සිටින්‌නේ නම්.

Share This On

Last Updated on 18-01-2024

Parliament Calendar

download parliament mobile app

Mailing List Subscription

Copyright © The Parliament of Sri Lanka. All Rights Reserved.

Solution by: Lankacom