ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රුවන්තිලක ජයකොඩි විසින් අසන ලද ප්‍රශ්නය

995/2025

ගරු රුවන්තිලක ජයකොඩි මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ආහාර බෝග නිෂ්පාදනයේ යෙදී සිටින ගොවියාගේ ජීවන තත්ත්වය උසස් කළ යුතු බවත්;

             (ii)       ඒ සඳහා, ගොවීන් විසින් විශාල ශ්‍රමයක් සහ මුදලක් යෙදවිය යුතු බවත්;

            ‍(iii)       එසේ වුවද, කෘෂි නිෂ්පාදන සඳහා ශ්‍රමයට සහ වියදමට සරිලන සාධාරණ මිලක් නොලැබීමෙන් ගොවීන් පීඩාවට පත් වී සිටින බවත්;

(iv) කෘෂි නිෂ්පාදන මිලදී ගැනීමේදී, පාරිභෝගිකයාටද ඉහළ මිලක් ගෙවීමට සිදුවී ඇති බවත්;

(v) ගොවියා සහ පාරිභෝගිකයා අතරමැද සිටින තොග වෙළෙන්දා සහ සිල්ලර වෙළෙන්දා විසින් අධික ලාභ ලබන බවත්;

(vi) ගොවියා සහ පාරිභෝගිකයා යන දෙදෙනාම පීඩාවට පත් කරන ඉහත ක්‍රමය වෙනස් කළ යුතු බවත්;

එතුමා පිළිගන්නෙහිද?

(ආ) එසේ නම්, ගොවියා, වෙළෙන්දා සහ පාරිභෝගිකයා යන තිදෙනාම ආරක්ෂා වන ආකාරයේ වැඩපිළිවෙළක් මේ සඳහා සකස් කරන්නේද යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?

(ඇ) නොඑසේ නම්, ඒ මන්ද? 

 

: කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග
: රුවන්තිලක ජයකොඩි
: ජාතික ජන බලවේගය
2025-07-24 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී
2025-09-12 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි