ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රෝහිත අබේගුණවර්ධන විසින් අසන ලද ප්‍රශ්නය

901/2025

ගරු රෝහිත අබේගුණවර්ධන මහතා,— බලශක්ති අමාත්‍යතුමාගෙන් ඇසීමට,—

(අ)         (i)       ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රාදේශීය කාර්යාල සංඛ්‍යාව කොපමණද;

             (ii)       ඒවායේ ප්‍රමාණවත් සේවක සංඛ්‍යාවක් සිටින්නේද;

            (iii)       ඒවාට අවශ්‍ය ඉංජිනේරුවන් සංඛ්‍යාව කොපමණද;

(iv) එම සංඛ්‍යාව සිටින්නේද;

(v) නොඑසේ නම්,  ඉංජිනේරු පුරප්පාඩු සංඛ්‍යාව කොපමණද;

(vi) නව ඉංජිනේරුවන් බඳවා ගන්නේද;

  (vii) එසේ නම්, ඒ සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග කවරේද;

යන්න එතුමා සඳහන් කරන්නෙහිද?

(ආ) (i) විදුලිය උත්පාදනය කරන ප්‍රභවයන් කවරේද;

(ii) එම එක් එක් ප්‍රභවයෙන් මේ වනවිට උත්පාදනය කරන ඒකක සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) ලංකා විදුලිබල මණ්ඩලය පුද්ගලීකරණය කරන්නේද;

(iv) එසේ නම්, එහි සේවකයන් සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද;

යන්නත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඇ) (i) මණ්ඩලය යටතේ පවතින සමාගම්වල මේ වනවිට‍ ආරම්භ කර ඇති උපාය මාර්ගික වැඩසටහන්/ව්‍යාපෘති කවරේද;

(ii) ඉහත එක් එක් සමාගමේ මේ වනවිට සේවය කරන සේවකයන් සංඛ්‍යාව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(iii) එම සමාගම්වල අතිරික්ත සේවකයන් සිටින්නේද;

 (iv) එසේ නම්, අතිරික්ත සේවකයන් සංඛ්‍යාව එක් එක් සමාගම අනුව වෙන් වෙන් වශයෙන් කොපමණද;

(v) ලංකා විදුලිබල සමාගම මඟින් ආවරණය කරන ප්‍රදේශ කවරේද;

යන්න තවදුරටත් එතුමා සඳහන් කරන්නෙහිද?

(ඈ) නොඑසේ නම්, ඒ මන්ද?

 

: බලශක්ති
: රෝහිත අබේගුණවර්ධන
: නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ
2025-09-12 වැනි දින සති 2 කල් ඉල්ලන ලදී

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි