සභා ගර්භය
සභා ගර්භයේ හැඩය ඝෘජුකෝණාඝ්‍ර වන අතර, එය සමස්ථ ගොඩනැගිල්‌ලේ මධ්‍යම ප්‍රදේශයේ තට්ටු දෙකක උසට පිහිටා ඇත. සැරසිළි සහිත මල නොබැදෙන වානේ කණු මත නංවන ලද රජවරුන්ට, පන්සල්වලට සහ කෝරළවලට අයත් රිදියෙන් නිම කරන ලද කොඩි, ධජ සහ පතාක දහ අටක් ද සභා ගර්භයේ ඉහළ කවයක සවි කර ඇති අඩි හතක් උස ශ්‍රී ලංකාවේ රාජ්‍ය ලාංඡනය ද එයට ප්‍රතාපවත් බවක් එක් කරයි. වායු සමීකරණ පහසුකම් සහිත සභා ගර්භය ආසන 232 කින් සමන්විත වන අතර එම ආසන කථානායක අසුන දෙපස ආසන 116 බැගින් පනවා ඇත.
සභා ගර්භයේ දකුණු කෙළවරේ මැද කථානායකවරයාගේ අසුන පනවා ඇත. කථානායකතුමාගේ අසුනට කෙළින්ම පහළින් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයා, නියෝජ්‍ය මහ ලේකම්වරයා සහ සහකාර මහ ලේකම්වරයා සඳහා මේසය පිහිටුවා තිබේ. සභා ගර්භ සීමාවට පිටතින් කථානායක අසුන දර්ශනය වන පරිදි වේත්‍රධාරී සහ නියෝජ්‍ය වේත්‍රධාරිගේ ආසන පනවා ඇත.
විශේෂ කාර්යයන් සඳහා වෙන් වූ විශේෂ කුටි කීපයක් සභා ගර්භයේ පහළ කොටසෙහි පිහිටා තිබේ. හැන්සාඩ් නිලධාරීන් සඳහා වෙන් වූ කුටි සහ පාර්ලිමේන්තු නිලධාරීන් සඳහා වෙන් වූ කුටි පිළිවෙලින් මූලාසනයේ වම් සහ දකුණු පැතිවල පිහිටා තිබේ. පාර්ලිමේන්තු කථා පරිවර්තකවරුන් සහ රජයේ නිලධාරීන් සඳහා වෙන් වූ කුටි මූලාසනයට විරුද්ධ දිශාවේ පිහිටා ඇත.
සභා ගර්භය දෙපස පුළුල් ආලින්ද පිහිටා ඇති අතර ඒ තුළින් මන්ත්‍රීවරුන් සභා ගැබට ඇතුළු වේ. මන්ත්‍රීවරුන් හට අසුන් ගෙන සුහද සාකච්ඡාවල යෙදීම සඳහා මෙම ආලින්දයන්හි සුවපහසු ආසන සහ අවශ්‍ය අනිකුත් උපකරණ සපයා තිබේ.
ප්‍රතිරූපය විශාලනය කිරීම සඳහා ක්ලික් කරන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






