ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය කිරීමේ අනු කාරක සභාව රැස්වෙයි

දිනය : 2024-05-22

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  විසින් ලබා දී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම විමර්ශනය සදහා පත්කර ඇති අනු කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු තිස්ස අත්තනායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා රැස්විය.

විගණකාධිපති ඩබ්.පී.සී වික්‍රමරත්න මහතා ඇතුළු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර දැනට රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව (කෝපා කමිටුව) විසින් ලබා දෙන නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වීම සහ ක්‍රියාත්මක නොවීම පිළිබඳ පසුවිපරම් කිරීමටත් ඒ සම්බන්ධව අදාළ පියවර ගැනීම සදහා නිසි යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවත් මූලික කරුණු මෙහිදී සාකච්ඡා විය.

මේ අනුව මෙම යාන්ත්‍රණය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට ද (කෝප් කමිටුව) අදාළ කර ගත හැකි බැවින් එම කාරක සභාවේ සභාපතිවරයාගේද සහභාගීත්වයෙන් නැවත රැස්වී මේ පිළිබඳ සමාලෝචනය කිරීමට ද මෙහිදී වැඩිදුරටත් තීරණය විය.
 
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව  සහ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වසර ගණනාවක් තුළ රාජ්‍ය ආයතන සදහා  ලබා දී ඇති ඇතැම් නිර්දේශ නිසි පරිදි ක්‍රියාත්මක නොවීමේ ගැටලුවට පිළියම් සෙවීම සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතීත්වයෙන් යුතු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව විසින් මෙම අනු කාරක සභාව පත්කරන ලදී. 

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි