ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස ගරු තාරක බාලසූරිය මහතා තේරී පත්වෙයි

දිනය : 2024-04-08

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ සභාපතිවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා ඒකමතිකව තේරී පත් විය. ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම පසුගියදා (අප්‍රේල් 01) පාර්ලිමේන්තුවේදී  පැවති අවස්ථාවේදීය.

රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත් මහතා විසින් ගරු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතාගේ නම යෝජනා කරන ලද අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු සී.බී. රත්නායක මහතා විසින් එම යෝජනාව ස්ථිර කරන ලදී.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේදී ද මෙම කාරක සභාවේ සභාපතිත්වය රාජ්‍ය අමාත්‍ය ගරු තාරක බාලසූරිය මහතා විසින් දරනු ලැබීය. ආර්ථීක ස්ථායීකරණය පිළිබඳ කාරක සභාවේ විෂය පථය,  පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විෂය පථය හා සමාන වන බව පෙන්වා දුන් සභාපතිවරයා එම විෂය පථයන් වෙනස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කළේය. තවද ආර්ථිකය පිළිබඳ  සියලු අංශ ආවරණය වන පරිදි කාරක සභාවේ  විෂය පථය පුළුල් කළ යුතු බවද යෝජනා කළේය.

කෙසේ වෙතත් එම විෂය පථයන් වෙනස් කිරීම සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බැවින් කාරක සභා සාමාජිකයින්ට සහ අදාළ පාර්ශ්ව වලට එහි  සිදුවිය යුතු වෙනස්කම් පිළිබඳව සාකච්ඡා කළ හැකි බව  කාරක සභා  සභාපතිවරයා පෙන්වා දුන්නේය. ඒ අනුව ඉදිරි දිනක මේ සම්බන්ධයෙන්  විශේෂ රැස්වීමක් පැවැත්වීමට කාරක සභාව තීරණය කාරක ලදී.

මෙම අවස්ථාව සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු කනක හේරත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු එස්.එම්. චන්ද්‍රසේන, ගරු මනෝ ගනේෂන්, ගරු සී.බී. රත්නායක, ගරු සිවඥානම් ශ්‍රීතරන්, ගරු හෙක්ටර් අප්පුහාමි, ගරු (ආචාර්ය) නාලක ගොඩඩහේවා, ගරු අකිල එල්ලාවල යන මහත්වරුන් සහභාගී වුහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි