ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ මහතා ඒකමතිකව තේරී පත්වෙයි

දිනය : 2024-04-02

නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ නව සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ මහතා ඒකමතිකව තේරී පත් විය. ඒ නවවැනි පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය සඳහා බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාවේ පළමු රැස්වීම ඊයේ (අප්‍රේල් 01) පැවති අවස්ථාවේදීය.

එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ මහතාගේ  නම පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු කෝකිලා ගුණවර්ධන මහත්මිය විසින් යෝජනා කළ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු උදය ගම්මන්පිල මහතා විසින් ස්ථිර කරන ලදී.

පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරයේදීද මෙම කාරක සභාවේ සභාපතිත්වය පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු ගාමිණී ලොකුගේ මහතා විසින් දරනු ලැබීය. මෙහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ පෙර සභාවාරයේදී මෙම කමිටුවේ කටයුතු සාර්ථක කර ගැනීමට සහය දුන් සියලු මන්ත්‍රීවරුන්ට ස්තූතිවන්ත වන බවත් ඉදිරියේදීත් ඔවුන්ගේ සහය කමිටුවේ කටයුතු සාර්ථක කර ගැනීමට බලාපොරොත්තු වන බවත්ය. එසේම සමූපකාර ක්ෂේත්‍රය පිළිබඳ මෙම කමිටුව මගින් වැඩි වශයෙන් අවධානය යොමු කළ බවත් සමූපකාර මූල්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද නිරාකරණය කරමින් එම ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නිර්දේශ ඇතුළත් වාර්තාවක් ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන බවත් නව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ සඳහා රාජ්‍ය අමාත්‍ය ගරු අනූප පස්කුවල්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු චමල් රාජපක්ෂ, ගරු අනුර ප්‍රියදර්ශන යාපා, ගරු බී.වයි.ජී. රත්නසේකර, ගරු සම්පත් අතුකෝරල, ගරු කරුණාදාස කොඩිතුවක්කු සහ ගරු යදාමිණී ගුණවර්ධන යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි