ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ කාන්තා සහභාගිත්වය අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම සඳහා අදාළ වැඩපිළිවෙල අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතුය - පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය

දිනය : 2024-02-12

ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය තුළ පුරුෂයන්ට සාපේක්ෂව, සාම්ප්‍රදායික ලෙස කාන්තා සහභාගිත්වය  අඩු බැවින් ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීම අයවැය ක්‍රියාවලියට ඒකාබද්ධ කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය අවධාරණය කර සිටී.

මේ බව සාකච්ඡා වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය 2024.02.08 දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය. රාජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය සීතා අරඹේපොල සහ සංසදයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ යන මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණයට අදාළ යෝජිත පනත් කෙටුම්පත පිළිබඳව අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා විය.  

ඒ අනුව, අයවැය සැකසීම, ක්‍රියාත්මක කිරීම සහ ඇගයීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සලකා බැලීම් ඇතුළත් කිරීම සඳහා රාමුවක් සකස් කළ යුතු බවත්, ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අදාළ අයවැය මුලපිරීම්වල බලපෑම සොයා බැලීම සඳහා අධීක්ෂණ යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීමටත් එකඟ විය.

තවද, පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය සඳහා වන 25% කෝටාව සකස් කිරීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක් විය. ඒ අනුව කාන්තා නායකත්වය පිළිබඳ සමාජය තුළ පවතින මතය වෙනස් කිරීමට උපාය මාර්ගිකව කටයුතු කළ යුතු බව සංසදයේ අදහස විය. පාර්ලිමේන්තුවේ 25% හෝ ඊට වැඩි කාන්තා නියෝජනයක් ලබා ගැනීම සඳහා කටයුතු කිරීමේ වැදගත්කම සහ රටේ ජනගහනයෙන් 50% ක් වන කාන්තාවන් මෙම කාර්යය සඳහා මෙහෙයවීමේ වැදගත්කම ද මෙහිදී සාකච්ඡා විය.

එසේම වයස අවුරුදු 2-5 අතර දරුවන් සිටින මව්වරුන්ට විදෙස් රැකියාවලට යාමට අවසර දීම පිළිබඳව ද මෙම රැස්වීමේදී අවධානයට ලක් විය.

රාජ්‍ය අමාත්‍ය ගරු ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ගරු රෝහිණී කුමාරි විජේරත්න, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා, ගරු මංජුලා දිසානායක සහ ගරු කෝකිලා ගුණවර්ධන යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට  එක්ව සිටියහ.

 

1 2

3

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි