ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හැටන් දුම්රියපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල වසර දෙකක් ප්‍රයෝජනයට නොගැනීම සම්බන්ධයෙන් ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය

දිනය : 2024-01-29

හැටන් දුම්රියපොළ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ඉදි කරන ලද ගොඩනැගිල්ල වසර දෙකක කාලයක් ප්‍රයෝජනයක් නොගැනීම සම්බන්ධයෙන් පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අවධානය යොමු විය. මේ අනුව මීට අදාළ සියලු ආයතන මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු බවත්, එවැනි ව්‍යාපෘතිවලින් උපරිම ප්‍රයෝජන ලබා ගැනීම සඳහා පවතින ගැටලු විසඳීමට එකට එකතු වී කටයුතු කළ යුතු බවත් කමිටුව මෙහිදී අවධාරණය කරන ලදී .

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අජිත් මාන්නප්පෙරුම මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා (ජන. 12) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

මෙහිදී පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මින් පෙර සලකා බලන ලද නාගරික සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කර නැවතී තිබෙන “සියත උයන” ව්‍යාපෘතිය, වැලිකඩ බන්ධනාගාර ව්‍යාපෘතිය, හැටන් දුම්රියපොළ සංවර්ධන ව්‍යාපෘතිවල වර්තමාන ප්‍රගතිය පිළිබඳව නැවත විමසා බලීම සිදු කරන ලදී.

මෙම කාරක සභා රැස්වීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය, නාගරික සංවර්ධන අධිකාරිය, සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය, මාර්ග සංවර්ධන අධිකාරිය, රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තම්න්තුව, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් ඇතුළු රාජ්‍ය ආයතන නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගරු ජයන්ත කැටගොඩ, ගරු (වෛද්‍ය) තිලක් රා‍ජපක්ෂ යන මහත්වරු සහභාගී වූහ.

 

1 2

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි