ඇ.ඩො. 3000 දක්වා මැණික් ඇනවුම් ඔන්ලයින් හරහා සිදු කිරීමේ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය |
දිනය : | 2021-12-07 |
වටිනාකම ඇ.ඩො. 3000 දක්වා වන මැණික් අලෙවි කිරීමේ ඇනවුම්, මාර්ගගත (ඔන්ලයින්) ක්‍රමවේදයට සිදුකිරීමට අදාළ ගැසට් පත්‍රයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය ඊයේ (06) හිමිවිය.
පවතින කොවිඩ් තත්ත්වය මත සංචරණ කටයුතු සීමා වීම නිසා මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සදහා මෙම පියවර ගෙන ඇති බව මෙහිදී අනාවරණය විය. එසේම මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් අයකරනු ලැබූ සියයට 0.5 ක ගාස්තුව සියයට 0.25 දක්වා අඩු කිරීමද මෙම ගැසට් පත්‍රය මගින් සිදුවී ඇත.
1993 අංක 50 දරන ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පනත යටතේ කර්මාන්ත අමාත්‍යවරයා විසින් සාදන ලද නියෝග ඇතුළත් අංක 2165/2 දරන ගැසට් පත්‍රයට මෙලෙස කාරක සභාවේ අනුමැතිය හිමිවිය.
කර්මාන්ත කටයුතු අමාත්‍ය ගරු විමල් වීරවංශ, මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ගරු ලොහාන් රත්වත්තේ සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පැවති කාරක සභා රැස්වීමට කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජනරාල් දයා රත්නායක මහතා ඇතුළු නිලධාරිහු සහභාගී වූහ.
රත්නපුර ‘වේ ගඟ’ ආශ්‍රිතව මැණික් ගැරීම සදහා දියත් කළ ව්‍යාපෘතිය, ඇති වූ විරෝධයක් හේතුවෙන් දැනට නතර වීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා විය. මේ අනුව විශේෂ සංවර්ධන කමිටු රැස්වීමකදී මේ පිළිබඳව සාකච්ඡා කොට රටටත් විශාල ආදායමක් හිමිවන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා පෙන්වා දුන්නේය.
ඇළහැර ප්‍රදේශයේ මැණික් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් ඇති කිරීමෙන් සාමාන්‍ය ජනතාවටද මැණික් ගැරීමේ ව්‍යාපාරයට සම්බන්ධ වීමට පවතින හැකියාව පිළිබඳ මෙහිදී සාකච්ඡා විය. ලබන ජනවාරියේ සිට මෙම බලපත්‍ර නිකුත් කිරීම සිදුකරන බව රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
දිවයිනේ විවිධ කර්මාන්තපුරයන් සහ කර්මාන්තයන් ආශ්‍රිතව ඇති ගැටලු පිළිබඳවද පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කමිටුවේ අවධානය යොමු කළහ. අදාළ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් ඒවාට කඩිනම් විසදුම් ලබා දීමට කටයුතු කරන ලෙසත් නොඑසේ නම් ඒ පිළිබඳව ඉදිරි කාරක සභාවට අදාළ සවිස්තරාත්මක වාර්තාවන් ඉදිරිපත් කරන ලෙසත් අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට මෙහිදී උපදෙස් ලබා දුන්නේය.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









