රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 06 දෙනෙකුගේ සහ මහකොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය |
දිනය : | 2021-12-01 |
රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරුන් 06 දෙනෙකුගේ සහ එක් මහකොමසාරිස්වරයෙකුගේ පත්වීම් සඳහා පාර්ලිමේන්තුවේ උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැති මෙම උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ දී දකුණු අප්‍රිකාවේ මහකොමසාරිස්වරයා ලෙස මහාචාර්ය ගාමිණි ගුණවර්ධන මහතාට අනුමැතිය ලබාදී ඇත.
ඔහුට අමතරව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එම්.එන්.බී. හපුහින්න මහතාටත්, ගුදම් පහසුකම්, බහාලුම් අංගන, වරාය සැපයුම් පහසුකම් හා බෝට්ටු හා නැව් කර්මාන්ත සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඩී.ඩී. මාතරආරච්චි මහතාටත් උසස් නිලතල පිළිබඳ කාරක සභාවේ අනුමැතිය හිමි විය.
සමාගම් වතු ප්‍රතිසංස්කරණ, තේ හා රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්තශාලා නවීකරණය හා තේ හා රබර් අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ජේ.එම්. තිලකරත්න බණ්ඩා මහතාත් ප්‍රජා පොලිස් සේවා රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.ටී. කොඩිකාර මහතාත් පත් කිරීමට මෙම කාරක සභාව අනුමැතිය ලබා දී ඇත.
මීට අමතරව දහම් පාසල්, පිරිවෙන් හා භික්ෂු අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස එස්.එච්. හරිස්චන්ද්‍ර මහතා පත් කිරීමට ද සූර්යබල, සුළං හා ජල විදුලිජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.එච්.ඩී.කේ. සමරකෝන් මහතා පත් කිරීමට ද කාරක සභාවේ අනුමැතිය හිමිවී ඇත.
මෙම රැස්වීමට අමාත්‍යවරුන් වන දිනේෂ් ගුණවර්ධන, ඩග්ලස් දේවානන්දා, කෙහෙළිය රඹුක්වැල්ල, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන් සෙනෙවිරත්න යන මහත්ම මහත්මීහූ සහභාගි වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






