ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු කාරක සභා රැසක් ඉදිරි සති දෙක තුළදී රැස්වෙයි

දිනය : 2021-12-01

  • විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව නැවතත් ‘කෝප්’ කමිටුව හමුවට

 

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ලබන දෙසැම්බර් 06 වැනිදා නැවතත් කෝප් කමිටුව හෙවත් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා තිබේ. කෝප් කමිටුව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වේ.

මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හෙට (02) සභානායක, අධ්‍යාපන අමාත්‍ය දිනේශ් ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් රැස්වනු ඇත.

එයට අමතරව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවද එහි සභාපති අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (02) රැස්වීමට නියමිතය.
 
ලබන දෙසැම්බර් 03 වැනිදා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ සභාපතිත්වයෙන් රැස්වන අතර, ප්‍රවාහන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති ගාමිණි ලොකුගේ මහතාගේ ප්‍රධානත්වයෙන් රැ‍ස්වේ.

දෙසැම්බර් 06 වැනිදා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති  අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන අතර දෙසැම්බර් (08) වැනිදා අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව එහි සභාපති අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වනු ඇත. සීමා සහිත ගල්ඔය වැවිලි සමාගම නැවතත් කැඳවා ඇති කෝප් කමිටුව ද එදින රැස්වීමට නියමිතව තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි