ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මාධ්‍ය ආයතන 03 ක් විශේෂ කාරක සභාවේදී සාක්ෂි දීමට හෙට (26) පාර්ලිමේන්තුවට

දිනය : 2021-11-25

මාධ්‍ය ආයතන 03 ක් මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේදී හෙට (26) සාක්ෂි දීමට නියමිතයි.

ඒ අනුව ටෙල්ෂාන් මාධ්‍ය ජාලය, වොයිස් ඔෆ් ඒෂියා මාධ්‍ය ජාලය හා එම්.ටී.වී. මාධ්‍ය ජාලය එලෙස සාක්ෂි දීමට පැමිණෙන බව කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම්  කුෂානි රෝහණදීර මහත්මිය පවසන්නීය.

කාරක සභාවේ සභාපති, සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පස්වරු 02.00 ට එය රැස්වීමට නියමිත බවද ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි