ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මෙරට වෘත්තීන් සඳහා ඇති අවශ්‍යතාව පිළිබඳව මානව දර්ශකයක් සකස් කිරීමේ වැදගත්කම අවධාරණය කෙරේ

දිනය : 2021-11-19

මෙරට එක් එක් වෘත්තීන් සඳහා ඇති අවශ්‍යතාව පිළිබඳව මානව දර්ශකයක් සකස් කිරීමේ වැදගත්කම පසුගියදා (16) දින පැවති රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ දී අවධානයට ලක් කෙරිණි.

ඒ පිළිබඳ අවධානය යොමු වූයේ අයවැය සමස්ත වියදම හා ආදායම කරා එළඹීමේදී පදනම වශයෙන් භාවිතා කරන ලද බදුකරණය, මූල්‍ය සහ ආර්ථික උපකල්පන සම්බන්ධයෙන් වන වාර්තාව සහ විසර්ජන පනත් කෙටුම්පතෙන්  මුදල් වෙන් කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්ති සමග අනුකූලද යන්න කාරක සභාවේ දී සාකච්ඡාවට ලක් කරන අවස්ථාවේදීය.

පාසල් විෂය නිර්දේශය සකස් කරන අවස්ථාවේ සිටම එක් එක් වෘත්තිය ක්ෂේත්‍රයන් පිළිබඳ  අවධානය ලබා දිය යුතු බවත්, එමගින් රැකියා අවශ්‍යතාවට සරිලන ලෙස සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වන පරිදි වෘත්තිකයින් බිහිකිරීමට හැකි වන බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

එමෙන්ම මෙරට රාජ්‍ය සේවය වඩා කාර්යක්ෂමව පවත්වාගෙන යාමට උචිත ක්‍රමෝපායන් පිළිබඳව අවධානය යොමු විය යුතු බවත්, එය රටේ ආර්ථිකය මත අනවශ්‍ය පීඩනයක් ඇති නොකිරීමට වග බලාගත යුතු බවද සාකච්ඡාවට ලක් විය.

ගරු අනුර ප්‍රියදර්ශන යාපා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම කාරක සභාවට රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමජයන්ත, පාර්ලිමේන්තු මන්ත්‍රිවරයන් වන මහාචාර්ය ගරු රංජිත් බණ්ඩාර, ගරු නලින් ප්‍රනාන්දු, ගරු අනුප පැස්කුවල් යන මහත්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු සහභාගි වී සිටියහ.

 

1 2

3

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි