ජාතික ලැයිස්තුවෙන් 50% ක නියෝජනයක් කාන්තාවන් වෙනුවෙන් ලබාදීමට පිවිතුරු හෙළ උරුමය පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දී යෝජනා කරයි |
දිනය : | 2021-11-09 |
ඉදිරි මැතිවරණ වලදී ජාතික ලැයිස්තුවෙන් 50% ක නියෝජනයක් කාන්තාවන්ට ලබා දීම සහ අපේක්ෂක ලැයිස්තුවෙන් 25% ක නියෝජනයක් කාන්තාවට ලබාදීම වැදගත් බව මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට පිවිතුරු හෙළ උරුමය දේශපාලන පක්ෂය විසින් යෝජනා කරන ලදී.
පිවිතුරු හෙළ උරුමය පක්ෂය මෙම යෝජනාව ඉදිරිපත් කළේ මැතිවරණ සහ ඡන්ද විමසීම් ව්‍යුහයේ හා නීති රීතිවල ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමටත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීමටත් වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ගරු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (08) පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේදී ය.
මෙහිදී පිවිතුරු හෙළ උරුමය පක්ෂය නියෝජනය කරමින් තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ ප්‍රචාරණයේදී පෝස්ටර් තහනම ඉදිරියටත් පවත්වාගෙන යා යුතු බවයි. එසේම මැතිවරණවලදී අපේක්ෂකයින් වියදම් කරන මුදල් ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවක් ඇතිකිරීම, මැතිවරණයෙන් පසු මාස තුනක් ඇතුළත වියදම් කළ මුදල් ප්‍රමාණය ප්‍රසිද්ධියට පත් කිරීම, මුදල් පරිත්‍යාග වල ප්‍රභවය සඳහන් කිරීම මැතිවරණ වලදී සිදුකළ යුතු බවයි. ජනාධිපතිවරයා පත්වීමේ වාර ගණන පිළිබඳවද, මැතිවරණ කොට්ඨාස සීමා නිර්ණය කිරීමේ දී අවධානය යොමු කළ යුතු කරුණු පිළිබඳව ද හෙතෙම අදහස් දැක්විය.
මීට අමතරව සමාජවාදී ජනතා පෙරමුණ සහ සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය නියෝජනය කරමින් පැමිණි පිරිස් ද මෙම විශේෂ කාරක සභාව වෙත තම අදහස් හා යෝජනා ඉදිරිපත් කිරීම සිදුවිය.
මෙහිදී සමාජවාදී ජනතා පෙරමුණ සඳහන් කළේ ඉදිරි මැතිවරණ වලදී කේවල ක්‍රමයට 60% ක් සහ සමානුපාතික ක්‍රමයට 40% ක් නියෝජිතයින් තෝරා ගැනීම සිදු කළ යුතු බවයි. එහිදී සුළු පක්ෂ වෙනුවෙන් අවධානය යොමුවිය යුතු බව ද ඔවුහු පැවසූහ.
එසේම සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය විසින් ද මෙහිදී මූලධර්ම හතරක් ඔස්සේ සිය යෝජනා ඉදිරිපත් කරන ලදි. ඔවුන් විසින්ද 60% ක් කේවල ක්‍රමයට ද 40% ක් සමානුපාතික ක්‍රමයටද පත් කර ගැනීමේ වැදගත්කම පෙන්වා දෙන ලදි.
මීට අමතරව තමිල් මක්කල් වඩුතලලෛ පුලිකල් පක්ෂයද මෙම විශේෂ කාරක සභාවට තම පක්ෂයේ අදහස් හා යෝජනා ලබා දීම සිදු විය.
මෙම විශේෂ කාරක සභාව සඳහා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, මධුර විතානගේ, සාගර කාරියවසම් යන මහත්වරු සහ මෙම විශේෂ කාරක සභාවේ ලේකම්, පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානි හා නියෝජ්‍ය මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සහභාගී වූහ.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම









