ආයෝජන මණ්ඩලය 11 වැනිදා ‘කෝප්’ කමිටුව හමුවට |
දිනය : | 2021-11-09 |
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට නොවැම්බර් 11 වැනිදා කැඳවා ඇති බව කෝප් සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය. ඒ අනුව, නව අපනයන සැකසුම් කලාප පිහිටුවීමේ ක්‍රියාවලියේ කාර්ය සාධනය ඇගයීම පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව මෙදින සාකච්ඡා කිරීමට නියමිතය.
මේ අතර ජාතික තරුණ සේවා සභාව සමගින් තරුණ සේවා (පුද්ගලික) සමාගම ලබන 16 වන දින ද, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව ලබන 17 වන දින ද, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය ලබන 23 වැනිදා ද කෝප් කමිටුව හමුවට කැඳවන බව සභාපතිවරයා පැවසීය.
තවද නොවැම්බර් 24 වන දින ගල්ඔය වැවිලි සමාගම ද නොවැම්බර් 30 වන දින ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියද කෝප් කමිටුව හමුවට කැඳවා ඇත.
එසේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, ජාතික ව්‍යාපාර කළමනාකරණ ආයතනය (NIBM), ශ්‍රී ලංකා පදනම් ආයතනය සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය යන ආයතන පිළිවෙළින් දෙසැම්බර් මස 01, 02, 07, 09 යන දිනවල කැඳවා ඇත.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






