ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2023 පෙබරවාරි මස 24 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2023-02-24

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “පළාත් පාලන ආයතන මැතිවරණ (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්
B : “පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත සලකා බැලීම පිණිස ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාවට නම් කරන ලද අතිරේක සාමාජික මන්ත්‍රීන්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XXVIII කොටස, සිව්වැනි කාණ්ඩයේ XXI හා XXII කොටස් සහ පස්වැනි කාණ්ඩයේ V, VI, VII හා VIII කොටස්.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2020 වර්ෂය සඳහා ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල සහ පශ්ච‍ාත් වෛද්‍ය උපාධි පුහුණු මධ්‍යස්ථානයේ වාර්ෂික වාර්තාව
(ii)    2021 වර්ෂය සඳහා ජාතික මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ වාර්ෂික වාර්තාව

(iii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස් (ඔම්බුඩ්ස්මන්) කාර්යාලය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(iv)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මැතිවරණ කොමිෂන් සභාව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(v)    විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධන-2022
(vi)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(vii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ ප්‍ර‍වාහන හා මහාමාර්ග අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(viii)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ විදේශ කටයුතු  අමාත්‍යාංශය සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව
(ix)    රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව සම්බන්ධ කරුණු පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119(4) ප්‍රකාරව නිරීක්ෂණ සහ ගනු ලැබූ ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන්ගේ සහ පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කඩවීම සම්බන්ධව විමර්ශනය කිරීමට සහ ඒ සඳහා සුදුසු නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    තාක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති වෙනුවෙන්, ගරු කනක හේරත් මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු ශාන්ත බණ්ඩාර මහතා                    
(ii)    ගරු අශෝක් අබේසිංහ මහතා                    
(iii)    ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා    
            
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

ශෝක ප්‍රකාශ යෝජනා

පහත සඳහන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනා සම්බන්ධයෙන් කථා පවත්වා අවසන් කරන ලදී:-

(i)    අභාවප්‍රාප්ත ගරු රොහාන් අබේගුණසේකර මහතා
(ii)    අභාවප්‍රාප්ත ගරු අබ්දුල් බායිස් කමර්ඩීන් මහතා
(iii)    අභාවප්‍රාප්ත ගරු අතාවුද සෙනෙවිරත්න මහතා
(iv)    අභාවප්‍රාප්ත ගරු තිස්ස ආර්. බළල්ල මහතා

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය  1622  ට 2023 මාර්තු මස 7 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි