2022 දෙසැම්බර් මස 06 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2022-12-06 |
කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.
කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන
A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සාමාජික මන්ත්‍රීවරයෙක් පත්කිරීම
B : ජනමාධ්‍ය කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
C : රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
D : පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ සේවය කිරීම සඳහා මන්ත්‍රීවරයෙක් පත් කිරීම
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත පැවරී ඇති බලතල අනුව, 2022 දෙසැම්බර් 03 දිනැති අංක 2308/62 දරන අති විශේෂ ගැසට් පත්‍රයේ හා එහි උපලේඛනයෙහි පළ කරමින් කරන ලද ප්‍රකාශනය
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) වෙළෙඳ, වාණිජ හා අාහාර සුරක්ෂිතතා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු නලින් ප්‍රනාන්දු මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු (ආචාර්ය) හර්ෂ ද සිල්වා මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු නීතිඥ මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා මහතා - පෙත්සම් දෙකයි
(ii) ගරු වජිර අබේවර්ධන මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න
ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
කංසා වගා කිරීම
ගරු දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
වරප්‍රසාද
පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු නීතීඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා විසින් තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට 2022 දෙසැම්බර් 05 දින පාර්ලිමේන්තුවේ දී මතු කරන ලද කරුණු සම්බන්ධ වරප්‍රසාද යෝජනාව ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදුව, පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 118 හි විධිවිධාන ප්‍රකාරව ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාරක සභාවට යොමු කරන ලදී.
ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා ඉදිරිපත් කළ පහත සඳහන් යෝජනාවලට සභාව එකඟ විය -
(i) බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 122හි විධිවිධානවල සහ 2022 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 දෙසැම්බර් 05 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා බැංකුකරණය සහ මූල්‍ය සේවා පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් දහහත් දෙනෙකුගෙන් (17) සමන්විත විය යුතු ය
(ii) ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 123හි විධිවිධානවල සහ 2022 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 දෙසැම්බර් 05 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ආර්ථික ස්ථායීකරණය පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් දහහත් දෙනෙකුගෙන් (17) සමන්විත විය යුතු ය
(iii) ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 124හි විධිවිධානවල සහ 2022 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද යෝජනාවෙහි කුමක් සඳහන්ව තිබුණ ද, 2022 දෙසැම්බර් 05 දින තේරීම් කාරක සභාව විසින් තීරණය කළ පරිදි, නවවැනි පාර්ලිමේන්තුවේ තෙවැනි සභාවාරයේ සේවය කිරීම සඳහා ක්‍රම සහ විධි පිළිබඳ කාරක සභාව, තේරීම් කාරක සභාව විසින් නම් කරනු ලබන මන්ත්‍රීවරයන් දහහත් දෙනෙකුගෙන් (17) සමන්විත විය යුතු ය
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව
විසර්ජන පනත් කෙටුම්පත - දහනවවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1921 ට 2022 දෙසැම්බර් මස 08 වැනි බ්‍රහස්පතින්දා පැය 0930 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






