ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 දෙසැම්බර් මස 02 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-12-02

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : තරුණයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදයක් ස්ථාපනය කිරීම සඳහා වූ රැස්වීමක්

 

කථානායකවරයා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව ─

  • 2019 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXVI කොටස;
  • 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ සිව්වැනි කාණ්ඩයේ XXI කොටස; සහ
  • 2021 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ පළමුවැනි කාණ්ඩයේ XX, XXI හා XXII කොටස්, සිව්වැනි කාණ්ඩයේ XIV හා XV කොටස් සහ හයවැනි කාණ්ඩයේ III, IV හා V කොටස්


(ii)    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථාව ප්‍රකාරව විගණකාධිපතිවරයාගේ වාර්තාවේ ─

  • කොළඹ නගරය සහ අවට ප්‍රවේශ මාර්ගයන්හි රථවාහන තදබදය අවම කිරීම සඳහා අදාළ රාජ්‍ය ආයතනයන් විසින් සිදුකරන කාර්යභාරය ඇගයීම සම්බන්ධ කාර්ය සාධන වාර්තාවේ අටවැනි කාණ්ඩයේ - XI කොටස; සහ
  • ක්‍රියාත්මක වෙමින් පැවති සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය (කොළඹ සිට මාලබේ දක්වා) ශ්‍රී ලංකා රජය විසින් ඒකපාර්ශ්විය අවසන් කිරීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේ දහවැනි කාණ්ඩයේ - VI කොටස

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2021 වර්ෂය සඳහා පරිපාලන අභියාචන විනිශ්චය අධිකාරයේ කාර්ය සාධන වාර්තාව
(ii)    2020 වර්ෂය සඳහා ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ වාර්ෂික වාර්තාව
(iii)    2020 වර්ෂය සඳහා ‍ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වාර්ෂික වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    වනජීවී හා වන සම්පත් සංරක්ෂණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති,  ගරු මහින්ද අමරවීර මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)    සංචාරක හා ඉඩම් කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු හරීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් සභික මන්ත්‍රී ගරු කපිල අතුකෝරල මහතා විසින් පිළිගන්වන ලදී.

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු (පූජ්‍ය) අතුරලියේ රතන හිමි
ශ්‍රී ලංකා ටෙලිකොම්, ලං.වි.ම. සහ අනෙකුත් ආයතන විකිණීම

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසර්ජන පනත් කෙටුම්පත (2023) - කාරක සභාව

විසර්ජන පනත් කෙටුම්පත - දහසයවැනි වෙන් කළ දිනය - කාරක සභා අවස්ථාවේ විවාදය

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1900 ට 2022 දෙසැම්බර් මස 03 වැනි සෙනසුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

[අයවැය 2023]

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි