ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 නොවැම්බර් මස 10 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-11-10

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : “එකතු කළ අගය මත බදු (සංශෝධන)” නමැති පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය   
B : 2022 නොවැම්බර් මස 14 වැනි සඳුදා ආරක්ෂක වැඩ පිළිවෙළ සම්බන්ධයෙන්
C : පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නායකයන් සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීන් සහභාගී වන රැස්වීම

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2018 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ වාර්ෂික වාර්තාව
(ii)    2020 සහ 2021 වර්ෂ සඳහා ශීර්ෂ අංක 04 - උපරිමාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ කාර්ය සාධන වාර්තා
(iii)    2019 වර්ෂය සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ වාර්ෂික වාර්තාව
(iv)   2020 වර්ෂය සඳහා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වාර්ෂික වාර්තාව
(v)    2020 වර්ෂය සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තාව
(vi)    2021 වර්ෂය සඳහා නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධන වාර්තාව
(vii)    2021 වර්ෂය සඳහා මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ කාර්ය සාධන වාර්තාව

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    කෘෂිකර්ම කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු මහින්ද අමරවීර‍ මහතා විසින් පිළිගන්වන ලදී.
(ii)    අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තා, එම කාරක සභාවේ සභාපති, ගරු ජනාධිපති නීතිඥ  (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

ගරු අජිත් මාන්නප්පෙරුම මහතා   
                                 
(පෙත්සම මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27(2) යටතේ ප්‍රශ්න

ගරු සජිත් ප්‍රේමදාස මහතා
ආබාධ සහිත පුද්ගලයින්ගේ සුබසාධනය

අධ්‍යාපන අමාත්‍ය, ගරු නීතිඥ (ආචාර්ය) සුසිල් ප්‍රේමජයන්ත මහතා ඉහත ප්‍රශ්නයෙන් කොටසකට පිළිතුරු දුන්නේ ය.

 

පෞද්ගලික පැහැදිලි කිරීම්

ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා විසින් තමාට එරෙහිව පළ කළ අදහස් පිළිබඳව ග්‍රාමීය මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය, ගරු සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා විසින් පෞද්ගලික පැහැදිලි කිරීමක් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 1 සිට 14 දක්වා සඳහන් වන) සභාව විසින් අනුමත කරන ලදී:-

(i)       සුළු හිමිකම් අධිකරණ කාර්ය පටිපාටිය පනත් කෙටුම්පත
(ii)       අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(iii)       පළාත්බද මහාධිකරණ (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පත
(iv)       සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(v)       උඩරට විවාහ හා දික්කසාද (සංශෝධන) පනත් කෙටුම්පත
(vi)       විෂ වර්ග, අබිං සහ අන්තරායදායක ඖෂධ වර්ග (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(vii)       අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත
(viii)       ළමයින් සහ තරුණ තැනැත්තන් (සංශෝධන) පනත් කෙටුම්පත - සංශෝධන සහිතව
(ix)       අන්තරායකර සත්ත්ව (සංශෝධන) පනත් කෙටුම්පත
(x)       බන්ධනාගාර ආඥාපනත යටතේ රීති
(xi)       ධීවර හා ජලජ සම්පත් පනත යටතේ නියෝග තුනක්
(xii)       අත්‍යාවශ්‍ය මහජන සේවා පනත යටතේ යෝජනා සම්මතය

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“පාසැල් සිසුන් ඉලක්ක කර සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම්” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මංජුලා දිසානායක මහත්මිය විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1840 ට 2022 නොවැම්බර් මස 11 වැනි සිකුරාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි