ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2022 ඔක්තෝබර් මස 21 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2022-10-21

කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතා මූලසනාරූඪ විය.

 

කථානායකවරයා විසින් කරනු ලබන නිවේදන

A : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
B : පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ සහ තේරීම් කාරක සභාවේ රැස්වීම්
C : ගරු එම්. ඒ. සුමන්තිරන් මහතා, පා.ම. විසින් මතු කරන ලද වරප්‍රසාද පිළිබඳ ප්‍රශ්නය   

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

2019 සහ 2020 වර්ෂ සඳහා සීමාසහිත ලංකා ලේලන්ඩ් (පෞද්ගලික) සමාගමේ වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති, ගරු ඩග්ලස් දේවානන්දා මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

(i)    ගරු තිස්ස අත්තනායක මහතා                    
(ii)    ගරු එම්. එස්. තවුෆික් මහතා           -   පෙත්සම් දෙකයි
(iii)    ගරු ධර්මලිංගම් සිද්ධාර්ථන් මහතා    -   පෙත්සම් දෙකයි
(iv)    ගරු යදාමිණී ගුණවර්ධන මහතා                  
                                         
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

අමාත්‍යාංශ නිවේදන

ලෝක බැංකු සමූහයේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 2022 වාර්ෂික රැස්වීම සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වෙනුවෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය ගරු ශෙහාන් සේමසිංහ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වූ

“‍දේශීය ආදායම් (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්

“ශ්‍රී ලංකා සැලසුම් තාක්ෂණඥයින්ගේ ආයතනය (සංස්ථාගත කිරීමේ)”

නමැති පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු ගාමිණී වලේබොඩ මහතාට අවසර දෙන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

විසි දෙවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුම්පත

ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව (පක්ෂව 179; විරුද්ධව 01) පනත් කෙටුම්පතේ දෙවැනි වර කියවීම සභාව විසින් සම්මත කරන ලදී.

පනත් කෙටුම්පතේ තුන්වැනි වර කියවීම, සභාව විසින් තුනෙන් දෙකක වැඩි ඡන්දයෙන් සම්මත කරන ලදී. ඡන්ද විමසීමක් පවත්වන ලදුව (පක්ෂව 174; විරුද්ධව 01) පනත් කෙටුම්පත සංශෝධන සහිතව සම්මත විය.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1845 ට 2022 නොවැම්බර් මස 8 වැනි අඟහරුවාදා පැය 0930 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි