1071/2025
ගරු (මහාචාර්ය) එල්.එම්. අබේවික්‍රම මහතා,— කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට,—
(අ) (i) මාතර දිස්ත්‍රික්කයේ, කඹුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් ‘රටලංකාව’ නමැති ඉඩමේ විශාලත්වය කොපමණද;
(ii) එම ඉඩමෙන් එක් එක් ආයතනය වෙත බැහැර කර ඇති ඉඩම් ප්‍රමාණය වෙන් වෙන් වශයෙන් කොපමණද;
(iii) ඉහත ඉඩමෙන් ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය වෙත වෙන් කර ඇති ප්‍රමාණය කොපමණද;
යන්න එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ආ) (i) ඉහත ඉඩමේ ඉඩම් කැබලි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සේවකයන්ට ලබා දීම සඳහා නිසි අනුමැතියක් තිබේද;
(ii) එසේ නම්, එම අනුමැතියට අදාළ ලිපියේ පිටපතක් සභාගත කරන්නේද;
(iii) නොඑසේ නම්, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු වෙනත් ඉඩමකට ලබා ගත් අනුමැතිය භාවිතා කර, වංචනික හා අනීතික ආකාරයෙන් ඉහත ඉඩමේ කොටස් බෙදා දීමට කටයුතු කර තිබේද;
(iv) ඉහත ඉඩමේ කාලයක සිට අනවසරයෙන් පදිංචිවී සිටින පවුල් සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ගය කවරේද;
යන්නත් එතුමා මෙම සභාවට දන්වන්නෙහිද?
(ඇ) නොඑසේ නම්, ඒ මන්ද?
| : කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග | |
| : එල්.එම්. අබේවික්‍රම | |
| : ජාතික ජන බලවේගය |
ක්ෂණික සබැඳි
-

පාර්ලිමේන්තු දිනදසුන -

පනත් සහ පනත් කෙටුම්පත් -

කාරක සභා -

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව -

පාර්ලිමේන්තුව සජීවීව -

කාරක සභා සජීවීව - පටිගත කළ -

ඡායාරූප ගැලරිය -

පුවත් -

බාගත කිරීම් -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම -

තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම - කථානායක කාර්යාලය -

අයවැය 2026 -

නව වෙබ් අඩවිය (BETA අනුවාදය) -

ජාතික පොලිස් කොමිෂන් සභාවේ සාමාජික ධුරයට පත්කිරීම






