ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මේ සතියේ පාර්ලිමේන්තුව (මැයි මස දෙවැනි රැස්වීම් සතිය)

දිනය : 2015-05-25

mace

 

මැයි 19

දිනට නියමිතව තිබූ ‘සාපරාධී කාරණා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනත’ යටතේ නියමය පිළිබඳ විවාදය නොපැවැත්විණි. භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳ මහ බැංකුවේ අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විවාදයක් විපක්ෂය විසින් ඉල්ලා සිටීම නිසා සභාව කිහිප වරක් අත්හිටවනු ලැබූ අතර, අවසානයේ කල් තබන ලදී.

 

 

මැයි 20

ආගාමික හා විගාමික (සංශෝධන) පනත සම්මත කරන ලදී. මුල් පනත වන 1948 අංක 20 දරන පනතේ 351වන අධිකාරය සංශෝධනය කරන ලදී. ඒ අනුව, ගමන් බලපත්‍රයක් ලබා ගැනීම සඳහා හෝ ගමන් බලපත්‍රයක් අලුත් කිරීම සඳහා හෝ අයදුම් කිරීමේදී, අයදුම්කරුගේ ඇඟිලි සලකුණු ලබාගත හැක.

 

 

 

මැයි 21

ජාතික ගුරු අධ්‍යාපන ආයතනය අහෝසි කිරීම සඳහා වන පනත් කෙටුම්පත සම්මත කරන ලදී. 1997 අංක 32 දරන පනත යටතේ මෙම ආයතනය ( NATE ) පිහිටුවන ලදී. මෙය ලෝක බැංකු අරමුදල් ඇතිව ක්‍රියාත්මක විය.

 

ඉනික්බිති, භාණ්ඩාගාර බැඳුම්කර ගනුදෙනුව පිළිබඳව සොයා බැලීමට පත් කරන ලද ත්‍රිපුද්ගල කමිටු වාර්තාව පිළිබඳ කල් තැබීමේ විවාදය පැවැත්විණි. විපක්ෂය විසින් එම යෝජනාව ඉදිරිපත් කරන ලදී.

 

 

මැයි 22

කෘතහස්ත දේශපාලනඥයෙක් ලෙස වසර 30ක් ගම්පහ මැතිවරණ කොට්ඨාශය නියෝජනය කළ ගරු එස්. ඩී. බණ්ඩාරනායක මැතිතුමාගේ අභාවය පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්මත කරන ලදී. වසර 97ක් ආයු වළඳා එතුමා අභාවප්‍රාප්ත වූයේ 2014 ජූනි 3වන දිනය.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි