ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මේ සතියේ පාර්ලිමේන්තුව (ජන 29 - පෙබ 10)

දිනය : 2015-02-13

mace

 

ජනවාරි 29

2015 විසර්ජන පනතට සංශෝධනයක් ජනවාරි 29 වන දින මුදල් අමාත්‍ය ගරු රවි කරුණානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. මෙම සංශෝධනය “අතුරු අය වැය” ලෙස ද හඳුන්වනු ලැබේ. නව ආණ්ඩුවේ දින සියයේ වැඩසටහනේ අඩංගු වූ එක් අංගයක් ලෙස මෙය ඉදිරිපත් කරන ලදී. මෙම “අතුරු අය වැයේ” භාණ්ඩ ගණනාවක මිල පහත දැමීම ඇතුළු යෝජනා ගණනාවක් ඇතුළත් වේ. මුදල් අමාත්‍යවරයාගේ ප්‍රකාශය තුළින් ජනතාවට සහන අත් කර දීම උදෙසා විවිධ පියවර ගනු ලැබ ඇත.

 

 

පෙබ‍රවාරි 5, 6, 7

2015 විසර්ජන (සංශෝධන) පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පෙබරවාරි මස 5, 6 සහ 7 දිනවලදී පැවැත්විණි. පෙබරවාරි 07 දින එය සම්මත කරන ලදි. සංශෝධනයට පක්ෂව මංත්‍රීවරුන් 164 දෙනෙක් ඡන්දය දුන් අතර එක් මන්ත්‍රීවරයෙක් විරුද්ධව සිය ඡන්දය ප්‍රකාශ කළේය. මන්ත්‍රීවරුන් 10 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

 

 

පෙබ‍රවාරි 10

පෙබරවාරි 10 වන දින පෙ.ව. 9.30 සිට ප.ව. 6.00 දක්වා පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පිළිබඳ කල් තැබීමේ විවාදයක් පවත්වන ලදී. විපක්ෂ නායක ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එය ඉදිරිපත් කරන ලදී. විවාදය අවසානයේ මහජන සාමය, ආපදා කළමනාකරණය හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ගරු ජෝන් ඇන්තනි එම්මානුවෙල් අමරතුංග මහතා විසින් පිළිතුරු කථාව කරන ලදී.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි