ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

මේ සතියේ පාර්ලිමේන්තුව (ජනවාරි මස පළමුවැනි රැස්වීම් සතිය)

දිනය : 2015-01-23

mace

 

ජනවාරි 20

නව රජය බලයට පත්වීමෙන් පසු ප්‍රථම වරට පාර්ලිමේන්තුව රැස්විය. ගරු නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා විපක්ෂ නායක ලෙසත් ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මැතිතුමා සභානායක ලෙසත් ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් ගරු ඩබ්.ජේ. සෙනෙවිරත්න මැතිතුමා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙසත් පත් කරන ලද බව නිවේදනය කරන ලදි.

 

ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විශේෂ ප්‍රකාශයක් කළ අතර, නව රජයේ දින 100 වැඩපිළිවෙළ පිළිබඳ කෙටි හැඳින්වීමක් එතුමා විසින් කරන ලදි.

 

ගරු නිමල් සිරිපාලද සිල්වා විපක්ෂ නායකතුමා රජයේ යහපත් වැඩපිළිවෙළවල් ක්‍රියාත්මක කිරීමට විපක්ෂයේ සහාය ලබා දෙන බව ප්‍රකාශ කළේය.

 

ඉන් අනතුරුව, පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයෝ විශේෂ ප්‍රකාශ කරමින් නව ජනාධිපතිතුමාට සහ රජයට සුභ පැතූහ.

 

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ද පාර්ලිමේන්තු රැස්වීමට සහභාගි විය.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි