ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ව්‍යවස්ථා සභාව සඳහා මන්ත්‍රීන් නොවන තැනැත්තන්ගේ නම් පාර්ලිමේන්තුව විසින් අනුමත කරයි

දිනය : 2018-10-11

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාවේ (ඉ) ඡේදය සහ (4) සහ (5) අනු ව්‍යවස්ථා යටතේ අග්‍රාමාත්‍යවරයා සහ විරුද්ධ පාර්ශ්වයේ නායකවරයා යන දෙදෙනා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නම් කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන්නා වූ, ආචාර්ය ජයන්ත ධනපාල මහතා, අහමඩ් ජාවිඩ් යූසුෆ් මහතා සහ නාගනාදන් සෙල්වක්කුමාරන් මහතා යන අයගේ නම් කරනු ලැබීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41අ ව්‍යවස්ථාවේ (5) අනු ව්‍යවස්ථාව යටතේ  පාර්ලිමේන්තුව විසින් අද දින අනුමත කරන ලදී.

 

ආචාර්ය අහංගමගේ ටියුඩර් ආරියරත්න මහතා, ශිබ්ලි අසීස් මහතා සහ ආචාර්ය රාධිකා කුමාරස්වාමි මෙනෙවිය 2015 සැප්තැම්බර් සිට 2018 සැප්තැම්බර් දක්වා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් නොවන්නා වූ තැනැත්තන් වශයෙන් ව්‍යවස්ථා සභාව නියෝජනය කළහ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි