ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා අන්තර් පාර්ලි‌මේන්තු කණ්ඩායමේ ඉන්දියානු සංචාරය

දිනය : 2018-09-11

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ඉහළ පෙළේ ශ්‍රී ලංකාවේ අන්තර් පාර්ලි‌මේන්තු කණ්ඩායමක් 2018 සැප්තැම්බර් මස 9 සිට 14 දක්වා ඉන්දියාවේ සංචාරයක නිරත වූහ. දෙරට අතර පවත්නා මිත්‍ර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ වේ.

 

මෙම කණ්ඩායම 2018 සැප්තැම්බර් 10 වැනි දින ඉන්දියානු ජනරජයේ අග්‍රාමාත්‍ය අතිගරු නරේන්ද්‍ර මෝදි මහතා හමු වූ අතර, ඉන්දියානු විදේශ අමාත්‍ය ශ්‍රීමතී සුෂ්මා ස්වරාජ් මහත්මිය සමඟ ද්විපාර්ශ්වීය සාකච්ඡාවක් ද පැවැත්වූහ.

 

ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු නිමල් සිරිපාල ද සිල්වා මහතා, නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍ය ගරු රවුෆ් හකීම් මහතා, ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය ගරු ගයන්ත කරුණාතිලක මහතා, ජාතික ඒකාබද්ධතා, සංහිඳියා සහ රාජ්‍ය භාෂා අමාත්‍ය ගරු මනෝ ගනේසන් මහතා, පාර්ලිමේන්තුවේ විරුද්ධ පාර්ශ්වයේ නායක ගරු රාජවරෝදයම් සම්පන්දන් මහතා, ගරු ඩග්ලස් දේවානන්ද මහතා, ගරු විජිත හේරත් මහතා යන පාර්ලිමේන්තු මන්ත්‍රීන් ද, පාර්ලි‌මේන්තු‌වේ මහ ‌ලේකම් ධම්මික දසනායක මහතා ද, ශ්‍රී ලංකා පාර්ලිමේන්තු කණ්ඩායමට ඇතුළත් විය.

 

1 2

3 4

5 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි