ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ පළමු ප්‍රාදේශීය සමුළුව

දිනය : 2018-08-28

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ පළමු ප්‍රාදේශීය සමුළුව පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ මුලිකත්‍ව‍යෙන්, අති පූජනීය මහා නායක හිමිවරුන්, අනු නායක හිමිවරුන්, හින්දු, මුස්ලිම් සහ කතෝලික/ක්‍රිස්තියානි යන සියළුම ආගම් වලට අයත් අති ගෞරවනීය ආගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ, ‍පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරන දේශපාලන ප්‍රභූන් සහ රජයේ ඉහළ පෙළ නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් 2018 අගෝස්තු මස 06 වැනි දින පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා මහනුවර මහවැලි රීච් හෝටලයේදී සාර්ථකව පවත්වන ලදී.

 

“ජාතික හා ආගමික සහජීවනත්‍වය තුළින් ශ්‍රී ලංකාවේ තිරසාරත්‍වය වෙත” යන තේමාව යටතේ පැවැත්වූ මෙම සමුළුවේදී ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය ආශ්‍රිත ප්‍රාදේශීය මට්ටමෙන් ඉතා වැදගත් මාතෘකා රැසක් සාකච්ඡා කළ අතර සමුළුවේ ප්‍රධාන දේශනය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් දිසානායක මහතා විසින් පවත්වන ලදී.

 

ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස “පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්” පිහිටු වීම සුදුසු යැයි පෙර සමුළුවලදී ඉදිරිපත් වූ යෝජනා හා අදහස් මැනැවින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සහතික කිරීම පිණිස, ඒ පිළිබඳව අධ්‍යයනය කර සිය නිර්දේශ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන, “පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක්” තම සභාපතීත්වයෙන් යුතුව නුදුරේදීම, පාර්ලිමේන්තු‍වේ ස්ථාපනය කිරීමට අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බව, ගරු කථානායකතුමා විසින් සමුළුව අමතමින් සඳහන් කරන ලදී.

 

මධ්‍යම පළාත නියෝජනය කරන පළාත් හා ප්‍රාදේශීය දේශපාලන ප්‍රභූන්, පළාත් රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ වැඩ බලන පාර්ලිමේන්තුවේ මහ ලේකම් ද මෙම සමුළුවට සහභාගී වූහ.

 

1 2

3 4

5 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි