ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

විශ්‍රාම යාමට නියමිත වේත්‍රධාරීගේ සේවය ඇගයේ

දිනය : 2018-08-24

anil-sතව නොබෝ දිනකින් විශ්‍රාම ලබන වේත්‍රධාරී, අනිල් පරාක්‍රම සමරසේකර මහතාගේ සේවය අද පාර්ලිමේන්තුවේ දී ඇගයීමට ලක්විය. සීමා නිර්ණය කමිටුවේ වාර්තාව පිළිබඳ ඡන්ද විමසීමට අනතුරුව ඔහුගේ විශ්‍රාම යාම පිළිබඳව ගරු කථානායකතුමා විසින් සභාවට නිවේදනය කරන ලදී. ආණ්ඩු පාර්ශ්වයේ සහ විරුද්ධ පාර්ශ්වයේ මන්ත්‍රීවරුන් සමරසේකර මහතාගේ සේවය අගයමින් කතා කළ අතර අනාගතයට ද සුබ පැතූහ.

අවුරුදු 22 ක පමණ පාර්ලිමේන්තු සේවා කාලයක් හිමි සමරසේකර මහතා වේත්‍රධාරී ධුරයට පත්කරන ලද්දේ 2006 මාර්තු මස 22 වැනි දා ය. 1996 දී සහකාර වේත්‍රධාරී වශයෙන් පාර්ලිමේන්තු සේවයට එක්වීමට පෙර ඔහු අධිකාරීලත් නාවික නිලධාරියෙක් වශයෙන් ද කටයුතු කර තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි