ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

“ජාතික විගණන” පනත් කෙටුම්පත සම්මතයි

දිනය : 2018-07-05

“ජාතික විගණන” නමැති පනත් කෙටුම්පත අද දින (ජූලි 05) පාර්ලිමේන්තුවේ දී සංශෝධන සහිතව සම්මත විය. ගරු අග්‍රාමාත්‍යවරයා සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යවරයා වෙනුවෙන් ගරු ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් 2018 අප්‍රේල් මස 03 වන දින මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

 

විගණන සේවා කොමිෂන් සභාවේ බලතල, කාර්ය සහ කර්තව්‍ය පිළිබඳ විධිවිධාන සැලැස්වීම සඳහා ද, ජාතික විගණන කාර්යාලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය විගණන සේවය පිහිටුවීම සඳහා ද විධිවිධාන සැලැස්වීම මෙමඟින් අපේක්ෂා කෙරේ. රාජ්‍ය මූල්‍ය පිළිබඳ විගණකාධිපතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව දැක්වීම ද මෙයින් සිදුවේ.

 

 

පනත් කෙටුම්පත බාගත කරන්න

පනත් කෙටුම්පත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය (ඉංග්‍රීසියෙන්)

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි