ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අවිහරණය පිළිබඳ සමුළුවේ ජපාන තානාපති පාර්ලිමේන්තුවේ සංචාරයක

දිනය : 2018-06-11

ජිනීවා හි අවිහරණය පිළිබඳ සමුළුවේ ජපානයේ අතිවිශේෂ තානාපති සහ පූර්ණ බලැති නිත්‍ය නියෝජිත අතිගරු නොබුෂිගේ ටකමිසාවා මහතා යුධ අවි වෙළඳ ගිවිසුමෙහි (ATT) සර්වව්‍යාප්තිකරණ දූත මෙහෙවරක් සඳහා අද දින ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහුගේ සංචාරය අතරතුර පාර්ලිමේන්තුවට පැමිණ ගරු කථානායක කරු ජයසූරිය මහතා හමු වී යුධ අවි වෙළඳ ගිවිසුමට ශ්‍රී ලංකාව ආබද්ධ වීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළේය. ඔහු සමඟ යුධ අවි වෙළඳ ගිවිසුම් ලේකම් කාර්යාලයේ ප්‍රධානී දුමිසානි ලඩ්ලා මහතා, ජිනීවා හි අවිහරණය පිළිබඳ සමුළුවේ ජපානයේ නිත්‍ය නියෝජිත පළමු ලේකම් යෝකෝ ඔවටාරි මිය සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපති යාගී මහතා ද නියෝජිත පිරිසට එක්ව සිටියහ.

 

1  2

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි