ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදය විසින් පවත්වන සාකච්ඡා මාලාවේ දෙවැනි සැසිය

දිනය : 2018-06-04

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසඳය විසින් අන්තර්ජාතික සංවර්ධනය සඳහා, එක්සත් ජනපදයේ නියෝජිතායතනයෙහි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ වගවීම සවිමත් කිරීමේ ව්‍යාපෘතිය සමඟ එක්ව සාකච්ඡා මාලාවක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇති අතර එහි දෙවැනි සැසිය කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සභාපති චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ අනුග්‍රහයෙන් 2018 ජුනි මස 07 වැනි බ්‍රහස්පතින්දා පෙ.ව. 10.00 සිට ප.ව.1.00 දක්වා පාර්ලිමේන්තුවේ කාරක සභා කාමර අංක 2 හි පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

ස්වාධීන කාන්තා කොමිසම පිළිබඳ පනත් කෙටුම්පතෙ හි තත්ත්වය සහ කාන්තාවන් රාජකාරි වේලාවෙන් අනතුරුව සේවයේ යෙදවීම (Late Working Hours for Women) පිළිබඳව මෙහිදී සාකච්ඡා කරනු ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි