ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

අග්‍රාමාත්‍යවරයා පිළිබඳ විශ්වාස භංග යෝජනා‍ව නිෂ්ප්‍රභා කෙරේ

දිනය : 2018-04-04

pmඅග්‍රාමාත්‍ය සහ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතා කෙරෙහි විශ්වාස භංගත්වය පිළිබඳ යෝජනාව නම් අනුව ඡන්ද විමසීමක් පැවැත්වීමෙන් අනතුරුව සභාව විසින් නිෂ්ප්‍රභා කරන ලදී. ප.ව. 9.30 ට පමණ පැවැත්වූ ඡන්ද විමසීමේ දී යෝජනාවට පක්ෂව ඡන්ද 76 ක් ද, විරුද්ධව ඡන්ද 122 ක් ද ප්‍රකාශ විය.

 

එ.ජ.නි.ස. පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 55 දෙනෙකු විසින් අත්සන් කරන ලද මෙම “විශ්වාස භංග යෝජනා‍ව” 2018 මාර්තු මස 21 වැනි දින ගරු කථානායකතුමා වෙත බාර දීමෙන් අනතුරුව 2018.03.26 දින නිකුත් කළ අංක 8(7) දරන න්‍යාය පුස්තකය හා සම්බන්ධ පරිපූරකයේ ඇතුළත් කරන ලදී. යෝජනාවෙහි සඳහන් බොහෝ කරුණු ශ්‍රී ලංකා මහ බැංකුවේ ඇති වූ බැඳුම්කර සිදුවීම හා සම්බන්ධිතය.

 

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ අග්‍රාමාත්‍යවරයෙක් පිළිබඳව විශ්වාස භංග යෝජනා‍වක් විවාදයට ගත් තුන්වැනි අවස්ථාව මෙය වේ. මීට පෙර 1957 සහ 1975 වර්ෂයන්හි දී ද යෝජනා ඉදිරිපත් කර විවාදයට ගෙන තිබේ.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි