ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ඕමාන දූත පිරිසගේ පාර්ලිමේන්තු සංචාරය

දිනය : 2017-12-05

කථානායක කරු ජයසූරිය මහතාගේ ඇරයුමින් ශ්‍රී ලංකාවට පැමිණි ඕමානයේ කථානායක (රාජ්‍ය සභාවේ සභාපති) ආචාර්ය යහ්යා මහ්ෆූඩ් අල් මන්ත්‍රී මහතා ප්‍රමුඛ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස අද පෙරවරුවේ පාර්ලිමේන්තුව වෙත පැමිණියහ. මෙම දූත පිරිසට ඕමාන රාජ්‍ය සභාවේ නියෝජිතයන් වන අබ්දුල්ලා සයිඩ් අල් සයිෆි, ආචාර්ය මූනා අහමඩ් අල් සාදූන්, ආචාර්ය සයිඩ් මුබාරක් අල් මුහරාමි, ආචාර්ය ඉස්මයිල් සාලේ අල් අග්බාරි, සාබා බින්ට් මොහොමඩ් අල් බාලානි යන මහත්ම මහත්මීන්ට අමතරව ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් ද අයත් වූහ.

 

ඕමාන දූත පිරිස සමග පැවැති සාකච්ඡාවට කථානායක කරු ජයසූරිය මහතා සමඟ ඉරාන් වික්‍රමරත්න, ලසන්ත අලගියවන්න, ෆයිසාල් කාසිම් යන මැති ඇමතිවරු සහ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ද එක් වූහ.

 

ශ්‍රී ලංකාවේ වෘත්තිකයන්ට ගැලපෙන රැකියා අවස්ථා සැලසීම, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික කටයුතු සඳහා සිය රටෙහි ආයෝජකයන් දිරිමත් කිරීමේ හැකියාව, ශ්‍රී ලංකාව සමග සංචාරක කර්මාන්තයෙහි සබඳතා ප්‍රවර්ධනය කිරීම ආදිය පිළිබඳව සාකච්ඡාවේ දී විශේෂ අවධානය යොමු වූ අතර, දෙරට අතර ආරම්භ වී ඇති අන්තර් පාර්ලිමේන්තු රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවය ද අවධාරණය කෙරිණි.

 

1 2

3

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි