ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපහාර පිදීමේ උත්සවය

දිනය : 2017-11-06

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදයට වසර 70ක් පිරීම නිමිති කොටගෙන පැවැත්වෙන උත්සව වලට සමගාමීව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා මන්ත්‍රීවරියන්ට උපහාර පිදීමේ උත්සවයක් 2017 නොවැම්බර් මස 02 වැනිදා පෙ.ව. 11.30ට ගරු කථානායකතුමාගේ නිල නිවසේ දී පැවැත්විණි. මෙය පාර්ලිමේන්තුවේ කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ මගපෙන්වීම යටතේ සංවිධානය කෙරුණි.

 

ශ්‍රී ලංකාවේ හිටපු අග්‍රාමාත්‍ය ගරු දි. මු. ජයරත්න, පාර්ලිමේන්තුවේ හිටපු කථානායකවරුන් වන ගරු ‌ජෝශප් මයිකල් ‌පෙ‌රේරා සහ ගරු වි. ජ. මු. ලොකුබණ්ඩාර යන මහත්වරුන් ද උපහාරයට ලක් වූ හිටපු මන්ත්‍රීවරුන් අතර විය.

 

1 2

3 4

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි