ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

සිය පාර්ලිමේන්තු දිවියේ වසර 40ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් ගරු අග්‍රාමාත්‍යතුමාට සුභාශිංසන පළ කිරීම

දිනය : 2017-08-04

පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් අඛණ්ඩව වසර 40ක කාලයක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා වෙත මෙම උත්තරීතර සභාව විසින් සුභාශිංසනය පළ කිරීම සඳහා ද, පොදුවේ රටට සහ විශේෂයෙන් පාර්ලිමේන්තුව වෙත ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් පරාර්ථකාමීව හා කැපවීමෙන් ‍ඉටු කරන ලද සේවය ඇගයීමට ලක් කරමින් එතුමාගේ සියලු අනාගත පරිශ්‍රමයන් සාර්ථක වීම සඳහා සුභ පැතුම් පිරිනැමීම සඳහා ද වූ යෝජනාවක් ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

 

සුභාශිංසන පළ කිරීම සඳහා පාර්ලිමේන්තුවේ මෙවන් සභාවාරයක් පැවැත්වූ ප්‍රථම අවස්ථාව ද මෙය වේ. අද දින රැස්වීමේ දී පක්ෂ නායකයින් සහ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම ගරු රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය සුබ පැතුම් පළ කළෝය.

 

ගරු රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙකි. 1977 වර්ෂයේ දී බියගම ආසනය නියෝජනය කරමින් මුල් වරට පාර්ලිමේන්තුවට (දෙවන ජාතික රාජ්‍ය සභාව) තේරී පත් වූ ඔහු ඉන් අනතුරුව සිය දේශපාලන දිවිය තුළ තනතුරු රැසක් හෙබවීය. මේ එතුමා අග්‍රාමාත්‍ය ධුරය දරන සිව්වැනි අවස්ථාවයි (2015 අගෝස්තු සිට මේ දක්වා). 1993 මැයි සිට 1994 අගෝස්තු දක්වා, 2001 දෙසැම්බර් සිට 2004 පෙබරවාරි දක්වා සහ 2015 ජනවාරි සිට 2015 ජුනි දක්වා මෙරට අගමැති ධුරය එතුමා විසින් දරන ලදී. වර්තමානයේ දී ඔහු ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍ය ධුරය හොබවයි. තරුණ කටයුතු හා රැකියා, අධ්‍යාපන, අධිකරණ, කර්මාන්ත, විද්‍යා හා තාක්ෂණ, ප්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, යෞවන හා සංස්කෘතික කටයුතු ආදී වැදගත් අමාත්‍ය ධුරයන් රැසක් ද එතුමා විසින් දරන ලදී. 1989 මාර්තු සිට 1993 මැයි දක්වා පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස ද, 1994 ඔක්තෝබර් සිට 2000 අගෝස්තු, 2000 සැප්තැම්බර් සිට 2000 ඔක්තෝබර්, 2000 ඔක්තෝබර් සිට 2001 ඔක්තෝබර් සහ 2004 අප්‍රේල් සිට 2010 අප්‍රේල් දක්වා විපක්ෂ නායකවරයා ලෙස ද ඔහු කටයුතු කළේය.

 

අද උදෑසන මෙම පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ කිරීමට පෙර, කථානායක ගරු කරු ජයසූරිය මහතාගේ මග පෙන්වීම යටතේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා ඇතුළු කාර්ය මණ්ඩලය විසින් අග්‍රාමාත්‍ය ගරු රනිල් වික්‍රමසිංහ මහතාට ආශීර්වාද කිරීම පිණිස පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී බෝධි පූජා පින්කමක් ද සංවිධානය කළෝය.

 

 1 2

 3 4

 5 6

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි