ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය, රාජ්‍ය ගෞරව පිණිස පාර්ලිමේන්තු සංකීර්ණයට

දිනය : 2016-12-28

හිටපු අගමැති, අභාවප්‍රාප්ත ගරු රත්නසිරි වික්‍රමනායක මහතාගේ දේහය, රාජ්‍ය ගෞරව දැක්වීම පිණිස අද දින (දෙසැම්බර් 28) පාර්ලිමේන්තු සංකීර්ණයට ගෙන එන ලදී. දේහය පාර්ලිමේන්තු සංකීර්ණයේ ප්‍රවේශ ද්වාරය අසල ඇති රැස්වීම් ශාලාවට රැගෙන එනු ලැබූ අතර, එහිදී ගරු කථානායකතුමා, ඇමතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, විදේශීය තානාපතිවරුන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයින් විසින් අවසන් ගෞරව දක්වන ලදී.

 

වික්‍රමනායක මහතා වසර 36 කට වැඩි පාර්ලිමේන්තු සේවා කාලයකට හිමිකම් කියන ජ්‍යෙෂ්ඨ දේශපාලඥයෙක් විය. 1960 වර්ෂයේ හොරණ ආසනය නියෝජනය කරමින් මුල් වරට පාර්ලිමේන්තුවට (නි‌යෝජිත මන්ත්‍රී මණ්ඩලය) තේරී පත් වූ එතුමා ඉන් අනතුරුව සිය දේශපාලන දිවිය තුළ තනතුරු රැසක් ‍හොබවන ලදී. අග්‍රාමාත්‍ය ධුරයට අමතරව, ආරක්ෂක, බුද්ධ ශාසන, රාජ්‍ය පරිපාලන, වැවිලි කර්මාන්ත ආදී වැදගත් අමාත්‍ය ධුරයන් කිහිපයක් ද එතුමා විසින් දරන ලදී. 1994 අගෝස්තු සිට 2000 ඔක්තෝබර් දක්වා පාර්ලිමේන්තුවේ සභානායක ධුරය ද, 2001 දෙසැම්බර් සිට 2002 ජනවාරි දක්වා කෙටි කලක් විපක්ෂ නායක ධුරය ද හොබවන්නට යෙදුණි. එතුමා පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු විදුර වික්‍රමනායක මහතාගේ පියාණන් වේ.

 

වික්‍රමනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව 2016 දෙසැම්බර් මස 31 වැනි දින සිදු කෙරේ.

 

 

 

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි