ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අටවැනි පාර්ලිමේන්තුවේ කථානායක

 

speaker karu

 

නම : කරු ජයසූරිය
තනතුර : ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ පාර්ලිමේන්තුවේ කථානායක
උපන්දිනය : 1940 සැප්තැම්බර් 29
අධ්‍යාපන පසුබිම : කොළඹ ආනන්ද විද්‍යාලයේ ශිෂ්‍යයෙකි.

- එක්සත් රාජධානියේ වරලත් නැව් තැරැව්කරුවන්ගේ ආයතනයේ ගරු සාමාජික
- ප්‍රවාහන ආයතනයේ ගරු සාමාජික
- INSED, ප්‍රංශ ව්‍යාපාර පාසලේ ආදි ශිෂ්‍ය
රාජ්‍ය සේවාවේ දැරූ තනතුරු : - ශ්‍රී ලංකා යුධ හමුදාවේ අධිකාරිලත් නිලධාරී - 1965-1972
- පෞද්ගලික සමාගම් සහ ලියාපදිංචි රාජ්‍ය සමාගම් 52ක සභාපති / ප්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ වශයෙන් කටයුතු කර ඇත.
- ඔස්ට්‍රියාව සහ ස්විට්සර්ලන්තය ආවරණය වන බලය සහිතව 1992 – 1994 කාලය තුළ ජර්මනියේ ශ්‍රී ලංකා තානාපති වශයෙන් සේවය කිරීම
- පෞද්ගලීකරණය කිරිම පිළිබඳ ජනාධිපති කොමිසමේ සාමාජික සහ ශ්‍රී ලංකාවේ පළමුවෙන්ම පෞද්ගලීකරණය වූ සමාගම වූ සී/ස යුනයිටඩ් මෝටර්ස් හි ප්‍රධානියා වීම
- ජාතික වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වීම
දේශපාලන ගමන්මග : - කොළඹ මහ නගර සභාවේ පුරපතිතුමා - 1997 – 1999
- බස්නාහිර පළාත් සභාවේ විපක්ෂ නායක 1999-2001
- පාර්ලිමේන්තු මන්ත්‍රී - 2001
- විදුලිබල හා බලශක්ති ඇමති, 2001 - 2004
- රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු ඇමති, 2007-2008
- එක්සත් ජාතික පක්ෂයේ සභාපති සහ නියෝජ්‍ය නායක
- එ.ජා.ප. නායකත්ව සභාවේ සභාපති වශයෙන් 2013 දී පක්ෂ ප්‍රතිසංවිධානයට නායකත්වය සැපයීම
- රාජ්‍ය පරිපාලන, පළාත් සභා, ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ බුද්ධ ශාසන අමාත්‍ය - 2015 ජනාවරි

යනාදී තනතුරු, පාර්ලිමේන්තුවේ කථානායක ධූරය දැරිමට පෙර හොබවන ලදී.
හෙබවූ අනෙකුත් තනතුරු : 1. වාණිජ මණ්ඩලයේ නියෝජ්‍ය සභාපති
2. සාර්ක් වාණිජ මණ්ඩලයේ සභාපති
3. කොළඹ, රබර් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති
4. සීනි ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති
5. එක්ස්පෝ - 92, ශ්‍රී ලංකාවේ ප්‍රථම ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශනයේ සභාපති
6. ශ්‍රී ලංකා ව්‍යාපාර සංවර්ධන මධ්‍යස්ථානයේ සභාපති

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2016-03-30

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි