ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

පාර්ලිමේන්තුව උත්සවාකාරයෙන් විවෘත කිරීම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත. පාර්ලිමේන්තුවේ සෑම සැසිවාරයක් ආරම්භයේම ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ජනාධිපතිවරයා සතු කාර්යයකි. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) මගින් විධිවිධාන සළසනු ලැබ ඇත. 33(2) (ආ) අනුව ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම්වල මුලසුන දැරීමට බලය ඇත.

 

පළමුවන පාර්ලිමේන්තුවේ පළමුවන සැසිවාරය 1947 ඔක්තෝබර් 14 වන දින පවත්වන ලදි. එය උත්සවශ්‍රීයෙන් විවෘත කොට මුලසුන දරන ලද්දේ ආණ්ඩුකාර ශ්‍රීමත් හෙන්රි මොන්ක් මේසන් මුවර් මහතා විසිනි. එතුමා විසින් රාජාසන කථාව පවත්වන ලද අතර පාර්ලිමේන්තුව විසින් එය විවාද කොට ස්තුති යෝජනාව සම්මත කරන ලදී.

 

දෙවන පාර්ලිමේන්තුවේ තුන්වන සැසිවාරය විවෘත කරන ලද්දේ දෙවන එලිසබත් රැජිණ විසිනි. 1954 අප්‍රේල් 12 දින එතුමිය විසින් උත්සවාකාරයෙන් සැසිවාරය අරඹන ලදි. රාජාසන කථාව රැජිණ විසින් කියවන ලද අතර එය පිළිබඳ විවාදයක් නොපවත්වන ලදී.

 

පසු කාලීනව පාර්ලිමේන්තුවේ නව සැසිවාර උත්සවශ්‍රීයෙන් හෝ කිසිදු උත්සවයකින් තොරව ආරම්භ කරන ලදී.

 

1978 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක වීමත් සමග නව සැසිවාර ආරම්භයේදී රාජාසන කථාව වෙනුවට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කිරීම ඇරඹුණි. වත්මන් ක්‍රියාදාමය අනුව එය විවාදයට බඳුන් කිරීමක් හෝ පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීමක් සිදු නොවේ.

 

ප්‍රචාරණය කරන්න

අවසන් යාවත්කාලීන කිරීම 2018-05-03

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි