ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දෙවැනි ප්‍රාදේශීය සමුළුව

දිනය : 2018-09-25

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ දෙවැනි ප්‍රාදේශීය සමුළුව පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ මුලිකත්වයෙන්, අති පූජනීය මහා නායක හිමිවරුන්, අනු නායක හිමිවරුන් සහ සියළුම ආගම් වලට අයත් අති ගෞරවනීය ආගමික පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේ, ‍පාර්ලිමේන්තුවේ සියළුම  පක්ෂ නියෝජනය කරන දේශපාලන ප්‍රභූන්, ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් සහ ශ්‍රී ලංකාවේ ආදිවාසීන් ජනනායකවරුන්ගේ සහභාගීත්වයෙන් 2018 ඔක්තෝබර් මස 01 වැනි සඳු දින පෙරවරු 9.30 සිට පස්වරු 2.30 දක්වා අම්පාර මොන්ටි හෝටලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

 

“ජාතික හා ආගමික සහජීවනත්‍වය තුළින් ශ්‍රී ලංකාවේ තිරසාරත්‍වය වෙත” යන තේමාව යටතේ පැවැත්වීමට නියමිත මෙම සමුළුවේදී, ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය ආශ්‍රිත ප්‍රාදේශීය මට්ටමෙන් ඉතා වැදගත් මාතෘකා රැසක් සාකච්ඡා කිරීමට නියමිතය.

 

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුව, පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් ලෙස ස්ථාපනය කිරීමෙන් අනතුරුව පවත්වන පළමු ප්‍රාදේශීය සමුළුව වීම මෙම සමුළුවේ විශේෂත්වය වේ.

 

නැගෙනහිර  පළාත නියෝජනය කරන පළාත් හා ප්‍රාදේශීය දේශපාලන ප්‍රභූන්, ඉහළ පෙළ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහ පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩල ප්‍රධානී හා නියෝජ්‍ය මහ ලේකම් ඇතුළු ප්‍රභූන් රැසක් ද, මෙම සමුළුවට සහභාගී වීමට නියමිතය.

 

සමුළුවේදී ඉදිරිපත් වන අදහස් සාරාංශගතව ඉදිරිපත් කිරීමේ අරමුණින් සමුළුව අවසානයේ දී මාධ්‍ය හමුවක් ද, පැවැත්වීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි