ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ දෙවන සමුළුව

දිනය : 2018-06-29

ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය සඳහා වූ පාර්ලිමේන්තු කමිටුවේ දෙවන සමුළුව, පාර්ලිමේන්තුවේ ගරු කථානායකතුමාගේ සහභාගීත්වයෙන්, සියළුම ආගම් වලට අයත් අති ගෞරවනීය ආගමික නායකයන්, ‍දේශපාලන ප්‍රභූන් සහ රජයේ ඉහළ පෙළ නිලධාරීන්ගෙන් සමන්විත සම්භාව්‍ය පිරිසකගේ සහභාගීත්වයෙන් 2018 ජුනි මස 29 වැනි දින පාර්ලිමේන්තු සංකීර්ණයේ කාරක සභා කාමර අංක 01හිදී සාර්ථකව නිමා විය.

 

මෙහිදී, ශ්‍රී ලංකාවේ ජාතික හා ආගමික සහජීවනය ආශ්‍රිත ප්‍රධාන මාතෘකා රැසක් ගැඹුරින් සාකච්ඡා කරන ලද අතර මෙම ක්‍රියාවලිය විධිමත් කිරීම සඳහා සහ මේ තුළින් ගනු ලබන තීරණ, ක්‍රියාවට නැංවීමේ අරමුණ සහිතව නිගමන වලට එළැඹීම සඳහා සියළු ජනවාර්ගික සහ ආගමික කණ්ඩායම් නියෝජනය කරනු ලබන දෙපාර්ශවයේ ම, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සමන්විත විශේෂ පාර්ලිමේන්තු කාරක සභාවක් ගරු කථානායකතුමාගේ සභාපතීත්වයෙන් ස්ථාපිත කළ යුතු බවට පසුව ඒකමතිකව එකඟතාව පළ කරන ලදී.

 

එසේ අදාළ පාර්ශ්ව දැනුවත් කිරීම සඳහා සහ වාර්ගික හා ආගමික සමඟිය ගොඩ නැගීම සඳහා දෙමසකට වරක් ප්‍රාදේශීය පදනමින් දැනුවත් කිරීමේ වැඩසටහන් සහ වැඩමුළු පැවැත්වීමට ද, තීරණය කරන ලදී. ඒ අනුව පළමු ප්‍රාදේශීය වැඩමුළුව 2018 අගෝස්තු මස 06 වැනි දින මහනුවරදී පැවැත්වෙනු ඇත.

 

සමුළුව අවසානයේදී, ගරු කථානායකතුමා සහ ආගමික නායකයන්ගේ සහභාගීත්වයෙන් මාධ්‍ය හමුවක් පවත්වන ලද අතර එහිදී දිනයේ වැඩකටයුතු සහ ඉදිරිපත් වූ අදහස් සාරාංශගතව ඉදිරිපත් කරන ලදී.

 

 

1 2

3 4

5

6

7

 

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි