2017 ජූලි මස 05 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-07-05 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2017 පළමු කාර්තුවේ මූල්‍ය කාර්ය සාධනය (සාරාංශය) පිළිබඳ වාර්තාව
(ii) 2015 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලයේ
(iii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ
(iv) 2013 වර්ෂය සඳහා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ
වාර්ෂික වාර්තා
(v) 2014 වර්ෂය සඳහා මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුවේ
(vi) 2016 වර්ෂය සඳහා රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(vii) 2016 වර්ෂය සඳහා මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(viii) 2016 වර්ෂය සඳහා අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(ix) 2016 වර්ෂය සඳහා මහා භාරකාර දෙපාර්තමේන්තුවේ
වාර්ෂික කාර්ය සාධන වාර්තා
අග්‍රාමාත්‍යවරයාගෙන් ඇසූ ප්‍රශ්න
පහත සඳහන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් ප්‍රශ්න හතරක් අසන ලදී:-
(i) ගරු එස්. එම්. මරික්කාර් මහතා
(ii) ගරු පද්ම උදයශාන්ත ගුණසේකර මහතා
(iii) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(iv) ගරු බිමල් රත්නායක මහතා
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
ගරු ඩග්ලස් දේවානන්ද මහතා
මිරිදිය සමඟ කරදිය මිශ්රවීම හේතුවෙන් උතුරු පළාතේ ජීවත් වන ජනතාව මුහුණ පා ඇති දුෂ්කරතා
පනත් කෙටුම්පත් පිළිගැන්වීම
පහත පනත් කෙටුම්පත් ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංවිධායක ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලදී -
(i) “දේශීය ආදායම්” - 2017 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසු ව ආරම්භ වන යම් තක්සේරු වර්ෂයක් සඳහා ආදායම් බද්ද පැනවීම සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.
(ii) “ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය” - ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය පිහිටුවීම සඳහා ද; ඒ ආයතනයේ බලතල, කාර්ය සහ කර්තව්‍ය නිශ්චිතව දැක්වීම සඳහා ද; ඊට සම්බන්ධ සහ ආනුෂංගික කරුණු සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල්වරයාගේ වැටුප් හා දීමනා ප්‍රතිශෝධනය කිරීම
සභාව විසින් සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“බදුල්ල දිස්ත්‍රික්කය ඇතුළු ප්‍රදේශ කිහිපයක හටගෙන ඇති බරපතල පාරිසරික හා සමාජීය ගැටලු” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1918 ට 2017 ජූලි මස 6 වැනි බ්‍රහස්පතින්දා පැය 1030 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.