2017 ජූලි මස 04 වැනි දින සභාවේ කටයුතු |
දිනය : | 2017-07-04 |
කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.
කථානායකතුමාගේ නිවේදන
‘A’ : ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වැනි ව්‍යවස්ථාව යටතේ පනත් කෙටුම්පතක සහතිකය සටහන් කිරීම
කථානායකතුමා විසින් ලිපිලේඛනාදිය පිළිගැන්වීම
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ආ (6) ව්‍යවස්ථාව ප්‍රකාරව 2017.01.01 දින සිට 2017.03.31 දින දක්වා මුදල් කොමිෂන් සභාවේ කාර්ය සාධන වාර්තාව
ලිපිලේඛනාදිය පිළිගැන්වීම
(i) 2016 වර්ෂය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ
(ii) 2016 වර්ෂය සඳහා ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iii) 2016 වර්ෂය සඳහා කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ
(iv) 2016 වර්ෂය සඳහා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ
(v) 2016 වර්ෂය සඳහා රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යාංශයේ
වාර්ෂික කාර්ය සාධන වාර්තා
(vi) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ
(vii) 2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ
(viii) 2014 වර්ෂය සඳහා ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුවේ
වාර්ෂික වාර්තා
කාරක සභා වාර්තා පිළිගැන්වීම
(i) සෞඛ්‍ය හා මානව සුභසාධනය, සමාජ සවිබලගැන්වීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු ලකී ජයවර්ධන මහතා විසින් පිළිගන්වන ලදී.
(ii) නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු අජිත් මාන්නප්පෙරුම මහතා විසින් පිළිගන්වන ලදී.
(iii) නිෂ්පාදන සහ සේවා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු නලින් බණ්ඩාර ජයමහ මහතා වෙනුවට සභික මන්ත්‍රී ගරු සන්දිත් සමරසිංහ මහතා විසින් පිළිගන්වන ලදී.
පෙත්සම් පිළිගැන්වීම
(i) ගරු ජෝන් අමරතුංග මහතා
(ii) ගරු ලසන්ත අලගියවන්න මහතා
(iii) ගරු විදුර වික්‍රමනායක මහතා
(iv) ගරු අජිත් මාන්නප්පෙරුම මහතා - පෙත්සම් දෙකයි
(v) ගරු මයන්ත දිසානායක මහතා
(vi) ගරු (වෛද්‍ය) නලින්ද ජයතිස්ස මහතා
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න
(i) ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
මුතුරාජවෙල ප්‍රදේශයේ කුණු කසළ බැහැර කිරීම
පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ගරු ෆයිසර් මුස්තාපා මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
(ii) ගරු ඩග්ලස් දේවානන්ද මහතා
යාපනය ප්‍රදේශයේ දුම්කොළ වගා කිරීම
කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍ය ගරු වසන්ත අලුවිහාරේ මහතා ඉහත ප්‍රශ්නයට පිළිතුරු දුන්නේ ය.
අමාත්‍යාංශ නිවේදන
(i) විහාරස්ථානයන්හි කටයුතුවලට රජය මැදිහත්වීම පිළිබඳව පළ වූ පුවත්පත් වාර්තාවක් සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය සහ බුද්ධශාසන අමාත්‍ය, ගරු (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය
(ii) ජාතික ලොතරුයි මණ්ඩලය සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය
පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත්
“බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පදනම (සංස්ථාගත කිරීමේ)”
පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමට ගරු අනුර සිඩ්නි ජයරත්න මහතාට අවසර දෙන ලදී.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 47(5) යටතේ පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා ඉහත පනත් කෙටුම්පත සමාජ සවිබලගැන්වීම්, සුභසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යතුමා වෙත යොමු කරන ලදී.
අද දින සභාවේ ප්‍රධාන කටයුතු
ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත
සභාව විසින් සංශෝධන සහිතව සම්මත කරන ලදී.
සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව
“සිය සර්වජන ඡන්ද අයිතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවේ තරුණ පිරිසට ඇති දුෂ්කරතා” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු බිමල් රත්නායක මහතා විසින් යෝජනා කරන ලදී.
අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1834 ට 2017 ජූලි මස 5 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.
* මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.