ශ්‍රී ලංකා

පාර්ලිමේන්තුව

English (UK)Tamil-SriLanka

2017 අප්‍රේල් මස 07 වැනි දින සභාවේ කටයුතු

දිනය : 2017-04-07

කථානායක ගරු කරු ජයසූරිය මහතා මූලසනාරූඪ විය.

 

ලිපිලේඛනාදිය පිළිගැන්වීම

(i)    2015 වර්ෂය සඳහා සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ
(ii)   2013 වර්ෂය සඳහා ශ්‍රී ලංකා හස්ත කර්මාන්ත මණ්ඩලයේ

වාර්ෂික වාර්තා

 

කාරක සභා වාර්තා පිළිගැන්වීම

(i)    සී/ස ලංකා සතොස විසින් 2014 සහ 2015 වර්ෂවලදී සිදු කරන ලද සහල් ආනයන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ වාර්තාව, එම කාරක සභාවේ සභාපති ගරු සුනිල් හඳුන්නෙත්ති මහතා විසින් පිළිගන්වන ලදී.

(ii)   ව්‍යාපාර හා වාණිජ කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු සෙය්යිඩ් අලී සාහීර් මවුලානා මහතා වෙනුවට ගරු නාලක ප්‍රසාද් කොලොන්නෙ මහතා විසින් පිළිගන්වන ලදී.

 

පෙත්සම් පිළිගැන්වීම

පහත සඳහන් ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා විසින් මහජන පෙත්සම් තුනක් පිළිගන්වන ලදී:-

ගරු ගාමිණී ලොකුගේ මහතා                  
 
(පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ)

 

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අංක 23(2) යටතේ ප්‍රශ්න

(i)    ගරු ඩග්ලස් දේවානන්ද මහතා
ශ්‍රී ලංකා නැගෙනහිර විශ්ව විද්‍යාලයේ සෞන්දර්ය අධ්‍යයන පිළිබඳ ස්වාමි විපුලානන්ද ආයතනයේ උපාධිධාරීන්ට රැකියා අවස්ථා ලබාදීම

(ii)    ගරු අනුර දිසානායක මහතා
දේශීය වෛද්‍ය විද්‍යා ආයතනය තුළ හඳුන්වා දුන් නව විෂය නිර්දේශය

 

ශෝක ප්‍රකාශ යෝජනා

හිටපු අග්‍රාමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අභාවප්‍රාප්ත ගරු රත්නසිරි වික්‍රමනායක මහතා පිළිබඳ ශෝක ප්‍රකාශ යෝජනාව සම්බන්ධයෙන් තවදුරටත් කථා පවත්වා අවසන් කරන ලදී.

 

අමාත්‍යාංශ නිවේදන

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ලලිත් ඇතුලත්මුදලි ශාලාවේ ඇති වූ සිද්ධිය පිළිබඳව මුදල් අමාත්‍ය, ගරු රවී කරුණානායක මහතා අමාත්‍යාංශ නිවේදනයක් කළේය.

 

පනත් කෙටුම්පත් පිළිගැන්වීම

(i)    විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම සහ විධිමත් කිරීම පිණිස විධිවිධාන  සැලැස්වීම සඳහා ද, විදේශ විනිමය ප්‍රවර්ධනය කිරීම සහ විධිමත් කිරීම පිළිබඳ වගකීම රජයේ නියෝජිත වශයෙන් මහ බැංකුව වෙත පැවරීම සඳහා ද; (423 වන අධිකාරය වූ) විනිමය පාලන පනත ඉවත් කිරීම සඳහා විධිවිධාන සැලසීම සඳහා සහ ඊට සම්බන්ධ හෝ ආනුෂංගික කාරණා සඳහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ

“විදේශ විනිමය”

නමැති පනත් කෙටුම්පත උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය සහ පාර්ලිමේන්තුවේ සභානායක ගරු ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

(ii)    2006 අංක 13 දරන ආර්ථික සේවා ගාස්තු පනත සංශෝධනය කිරීම සඳහා වූ

“ආර්ථික සේවා ගාස්තු (සංශෝධන)”

නමැති පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය ගරු රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කරන ලදී.

 

අද දින සභාවේ ප්‍රධාන කටයුතු

පහත සඳහන් විෂයන් (අද දින න්‍යාය පත්‍රයේ විෂය අංක 153 සිට 156 දක්වා සඳහන් වන) සභාව විසින් සම්මත කරන ලදී:-

(i)    සුරාබදු ආඥාපනත යටතේ නිවේදනයන් දෙකක්
(ii)   ක්‍රීඩාවල යෙදීමේදී උත්තේජක ද්‍රව්‍ය ගැනීමට එරෙහි සම්මුති පනත යටතේ නියෝග
(iii)  ජාතික දුම්කොළ හා මද්‍යසාර අධිකාරිය පනත යටතේ නියෝග

 

සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව

“මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිසා දේපොළ අහිමි වූ වතු සේවකයින්ගේ පවුල්වලට වන්දි ලබාදීම” පිළිබඳ සභාව කල් තබන අවස්ථාවේ යෝජනාව ගරු මයිල්වාගනම් තිලකරාජා මහතා විසින් යෝජනා කරන ලදී.

 

අනතුරුව, පාර්ලිමේන්තුව පැය 1852 ට 2017 මැයි මස 3 වැනි බදාදා පැය 1300 දක්වා කල් තබන ලදී.

 

 

 

 

*  මෙය සංස්කරණය නොකරන ලද අනුවාදයකි. මෙදින කටයුතුවල නිල වාර්තාව සඳහා කරුණාකර හැන්සාඩ් වාර්තාව බලන්න.

ප්‍රචාරණය කරන්න

Submit to Delicious Submit to Digg Submit to Facebook Submit to Google Bookmarks Submit to Twitter Submit to LinkedIn

පාර්ලිමේන්තු දිනදසුන

පාර්ලිමේන්තු ජංගම යෙදුම බාගත කරන්න

ඊ-මේල් ලැයිස්තු ග්‍රාහකත්වය

© ශ්‍රී ලංකා පාර්ලි‌‌මේන්තුව.සියලු හිමිකම් ඇවිරිණි.

විසඳුම Lankacom විසිනි